Tamil (Sri Lanka)English (United Kingdom)
ඔබ මෙතනයි:  මුල් පිටුව විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන

විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන

ගම්බද ප්‍රදේශවල නිෂ්පාදකයන්ට අලෙවි පහසුකම් සැපයීම පිණිස අලෙවි සංවර්ධන උපාය මාර්ගයක් ක්‍ර්‍රියාත්මක කිරීම් වස් විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන පිහිටුවීම 1998 දී ආරම්භ කරන ලදී.

ග්‍රාමීය රැකියා ප්‍රවර්ධන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ලද විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන පිහිටුවීමේ විෂය 2007 දී වෙළෙඳ, අලෙවි සංවර්ධන. සමූපකාර සහ පාරිභෝගික සේවා අමාත්‍යාංශයට පවරන ලදී ඒ අනුව සියලුම විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන ක්‍රියාත්මක කිරීමේ කටයුතු සම්බන්ධීකරණය සහ අධීක්ෂණය මෙම අමාත්‍යාංශය විසින් කරනු ලැබේ.

ආර්ථික මධ්‍යස්ථාන පිහිටුවීමේ පරමාර්ථ මෙසේ ය.

  • ඉලක්කගත වෙළෙඳ පොළක් සපයා දීමෙන් කෘෂිකාර්මික නිෂ්පාදකයන්ට ස්වකීය බෝග සඳහා සාධාරණ මිලගණන් ලබාදීමට වග බලාගැනීම.
  • සුලු පරිමාණ නිෂ්පාදකයන්ගේ ප්‍රවාහන වියදම් සහ ප්‍රවාහනයේදී සිදුවන අපතේ යාම් අවම කර ගැනීමේ අවස්ථාව එම නිෂ්පාදකයන්ට ලබාදීම.
  • තොග වෙළෙඳුන්ට කෙළින්ම නිෂ්පාදකයන්ගෙන් අලුත් පලතුරු සහ එළවළු මිලදී ගැනීමේ අවස්ථාව ලබා දීම.
  • තොග වෙළෙඳුන්ට තරඟකාරී අලෙවි පරිසරයක් සැපයීම මගින් ව්‍යාපාරික ප්‍රජාව දිරිගැන්වීම.
  • යම් සම් ප්‍රදේශවලට විශේෂ වූ කෘෂිකාර්මික නිෂ්පාදන දිවයිනේ සියලුම ප්‍රදේශවල ජනතාවට බෙදා හැරීමේ අවස්ථාව සැලසීම.
  • ආහාර ද්‍රව්‍ය අඩු මිලට ලබා ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයන්ට සැලසීම.
සොයන්න :
x
දඹුල්ල
මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ දඹුල්ල නගර මධ්‍යයෙහි පිහිටා ඇත.
තව දුරටත් කියවන්න...
x
තඹුත්තේගම
අනුරාධපුර දිස්ත්‍රික්කයේ තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ. තඹුත්තේගම නගරයේ පිහිටා ඇත.
තව දුරටත් කියවන්න...
x
නුවරඑළිය
නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය නගරය මධ්‍යයේ පිහිටා ඇත.
තව දුරටත් කියවන්න...
x
කැප්පෙටිපොල
වැලිමඩ ප්‍රදේශීය ලේකම් කොට්ඨාශය තුළ නුවරඑළිය-වැලිමඩ මාර්ගයට ආසන්නව කැප්පෙටිපොළ නගරයේ පිහිටා ඇත.
තව දුරටත් කියවන්න...
x
කුරුදුවත්ත
මහනුවර දිස්ත්‍රික්කයේ, නාවලපිටියේ, කුරුඳුවත්ත නවනගරයේ පිහිටා ඇත.
තව දුරටත් කියවන්න...
x
වේයන්ගොඩ
ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ප්‍ර්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ 329 බී දරන හිරිපිටිය නැගෙනහිර ග්‍රාම සේවක කොට්ඨාසයේ පිහිටා ඇත. නිට්ටඹුව-කටුනායක මහා මාර්ගයේ දුම්රිය මාරුවන ස්ථානයට ආසන්නව බණ්ඩාරනායක මාවතේ වේයන්ගොඩ සති පොළට මීටර් 5 ක් පමණ දුරින් පිහිටා ඇත.
තව දුරටත් කියවන්න...
x
වැලිසර
ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල මැතිවරණ කොට්ඨාශයේ කොළඹ-මීගමුව මහා මාර්ගයට මීටර් 700 ක් ඈතින් නවම්මහර වැලිසර පිහිටා තිබේ
තව දුරටත් කියවන්න...
x
නාරාහේන්පිට
නාරාහේන්පිට මංසන්ධියේ සිට කි.මි. ½ ක් පමණ දුරින් කිරිමණ්ඩල මාවතේ පිහිටා ඇත.
තව දුරටත් කියවන්න...
x
රත්මලාන
රත්මලාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ කල්දෙමුල්ල මංසන්ධියේ සිට කි.මී. 1 ක් පමණ දුරින් එස්.වීරසේන සිල්වා මාවතේ පිහිටා ඇත. එනම් රත්මලාන ආහාර දෙපාර්තමේන්තුවේ ගබඩා පරිශ්‍රයෙහිය.
තව දුරටත් කියවන්න...
x
මී‍ගොඩ
කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම මැතිවරණ කොට්ඨාසයේ මීගොඩ දුම්රිය ස්ථානය සහ මීගොඩ නගරය අතර ගොඩගම නගරයට ආසන්නව පිහිටා ඇත.
තව දුරටත් කියවන්න...
x
ඇඹිලිපිටිය
රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ ඇඹිලිපිටිය නව නගරයේ පිහිටා ඇත. හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්ක, ඇඹිලිපිටිය නගරයේ මායිම් දිස්ත්‍රික්ක වේ.
තව දුරටත් කියවන්න...
x
පිළියන්දල
පිළියන්දල. බෝකුන්දර මංසන්ධියේ පිහිටා ඇත.
තව දුරටත් කියවන්න...
කතුහිමිකම © 2017 ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය. සියළු හිමිකම් ඇවිරිනි.
නිර්මාණය හා සංවර්ධනය : Pooranee Inspirations (Pvt) Ltd.
Last Update 12-10-2017.