Tamil (Sri Lanka)English (United Kingdom)
ඔබ මෙතනයි:  මුල් පිටුව ආයතන

ආයතන

දෙපාර්තමේන්තු

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව

WEB  :   http://www.daph.gov.lk

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව

1978 වර්ෂයේදී ස්ථාපිත කරනු ලැබූ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ශ්‍රි ලංකාවේ පශු සම්පත් සංවර්ධනය පිළිබඳව වගකීම දරන ප්‍රධාන රජයේ ආයතනයයි. තවද, මෙම දෙපාර්තමේන්තුව රට තුළ සත්ත්ව රෝග වලක්වාලීම හා මැඩපැවැත්වීම, පශු සම්පත් ක්ෂේත්‍රයට අදාළ පර්යේෂණ හා සංවර්ධන කටයුතු, තාක්‍ෂණික නායකත්වය සැපයීම සහ සත්ත්ව අභිජනන කටයුතු සඳහා විශේෂඥ උපදෙස් හා සහාය සේවාවන් සැපයීම සම්බන්ධව නීත්‍යානුකූල බලය පැවරී ඇති ජාතික ආයතනයද වේ. මුළු දිවයිනම ආවරණය වන පරිදි සිදුකරනු ලබන වෙනත් ප්‍රධාන කටයුතු අතර සත්ත්ව පාලනය පිළිබඳ පුහුණුකරුවන් පුහුණු කිරීම, එම කර්මාන්තය නඟා සිටුවීමට අදාළ ව්‍යාපෘති සැකසීම, ආර්ථික ඇගයීම් සහ විශේෂ සංවර්ධන වැඩසටහන්ද වේ. පශු සම්පත් ක්ෂේත්‍රයේ සංවර්ධනයට පහසුකම් සැලසීම සඳහා මෙම දෙපාර්තමේන්තුව විසින් අදාළ නීති සම්පාදනය කර ක්‍රියාත්මක කරනු ලැබේ.

පළාත් සභා පිහිටුවීමත් සමඟ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර මට්ටමේ කටයුතු පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු නවය (09) වෙතට පැවරිණ.

ජාතික සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් තාක්ෂණ නායකත්වය, විශේෂඥ සේවා හා සහාය සේවා පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවලට ලබාදීමෙන් පශු සම්පත් කර්මාන්තය වෙනුවෙන් විශාල මෙහෙයක් ඉටු කරනු ලැබේ. පශු වෛද්‍ය නිලධාරින් විසින් මෙහෙයවනු ලබන ප්‍රාදේශීය පශු වෛද්‍ය කාර්යාල සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ක්‍රියාකාරී ඒකකයන් වේ. පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය  දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම පාහේ පිහිටුවා තිබෙන ප්‍රාදේශීය පශු වෛද්‍ය කාර්යාල 324 මගින් බිම් මට්ටමේ සිට සියළුම පශු සම්පත් සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබේ.

දැක්ම

ශ්‍රි ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනය උදෙසා පශු සම්පත් ක්ෂේත්‍රය මෙහෙයවීම

මෙහෙවර

නිරෝගිමත් සත්ත්ව ගහනයකින් හා වැඩි නිෂ්පාදන ඵලදායිතාවයකින් යුක්තව ආහාර සුරක්‍ෂිතතාවයට දායකවීමෙන් හා ආහාරයන්හි සෞඛ්‍යාරක්‍ෂිතභාවයද තහවුරු කරමින් පශු සම්පත් ක්ෂේත්‍රයේ තිරසාර සංවර්ධනයක් අත්පත් කර ගැනීම සඳහා තාක්ෂණික මඟපෙන්වීම හා සහාය ලබාදීම


ප්‍රධාන ක්ෂේත්‍ර

  • ගොවිපළ සතුන්ගේ ඵලදායිතාව ඉහළ නැංවීම
  • සත්ත්ව සෞඛ්‍ය සහ පශු මහජන සෞඛ්‍ය ඉහළ නැංවීම

  • අන්තර්ජාතික වෙළෙඳාම සහ තත්ව ආරක්‍ෂණය

  • පර්යේෂණ සහ සංවර්ධන කටයුතු වැඩිදියුණු කිරීම

  • පශු සම්පත් ක්ෂේත්‍රයේ මනා කළමණාකරණය

 

අරමුණු

  • සත්ත්ව රෝග වලක්වාලන සහ මර්ධනය කරන කාර්යක්ෂම සත්ත්ව සෞඛ්‍ය සේවාවක්  සහතික කිරීම
  • සත්ත්ව ජාන සම්පත් ප්‍රශස්ත මට්ටමින් ප්‍රයෝජනයට ගැනීම ප්‍රචලිත කිරීම
  • ගුණාත්මක සත්ත්ව ආහාර සහ ආහාර සම්පත් ප්‍රයෝජනයට ගැනීම ප්‍රචලිත කිරීම
  • සත්ත්ව ආහාර කර්මාන්තයේ වර්ධනය සහ සංවර්ධනය ප්‍රචලිත කිරීම
  • තිරසාර පශු සම්පත් සංවර්ධනයක් උදෙසා පර්යේෂණ සහ සංවර්ධන කාර්යයන් පවත්වාගෙන යාම
  • තාක්ෂණිකව සවිබල ගැන්වූ මානව සම්පත් සංවර්ධනය
  • කාර්යක්ෂමව හා ඵලදායි ලෙස තොරතුරු බෙදාහැරීම සහ තාක්ෂණික සේවා සැපයීම තහවුරු කිරීම
  • ව්‍යාපෘති හා වැඩසටහන් සැලසුම් කිරීම, මෙහෙයවීම සහ ඇගයීම
  • සත්ත්ව නිෂ්පාදනවල ආරක්ෂිතභාවය තහවුරු කිරීම
  • විධිමත් සත්ත්ව පාලන ක්‍රම ප්‍රවර්ධනය කිරීම සහ ඊට අදාළව පහසුකම් සැපයීම
  • සතුන්ගේ සුභසාධනය සහ යහපැවැත්ම තහවුරු කිරීම
  • දෙපාර්තමේන්තු කාර්යයන් කාර්යක්ෂමව කළමනාකරණය කිරීම

 


කාර්යයන්/සේවාවන්
  • කෘත්‍රීම සිංචන ජාතික සේවාව මෙහෙයවීම
  • අභිජනන කටයුතු සඳහා සතුන්ගේ පෙළපත හා කාර්යසාධන වාර්තාකරණය
  • සත්ව ජාන සම්පත් ආරක්‍ෂණය
  • එළුවන්ගේ ආරය නැංවීම
  • වැස්සි පැටවුන් ඇතිදැඩි කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම
  • පෝෂ තෘණ හා සයිලේජ් නිෂ්පාදනය සහ තෘණ අලෙවිකරණය ප්‍රචලිත කිරීම
  • ජාතික රෝග වැලැක්වීමේ එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම
  • බුරුළු ප්‍රදාහය වැලැක්වීම සහ සුව කිරීම
  • කිනිතුළු උණ පාලනය
  • ගව ගබ්සා පාලන වැඩසටහන
  • කිරි ගොවිපොළ වල සෞඛ්‍ය මට්ටම ඉහළ නැංවීම
  • කුර හා මුඛ රෝග එන්නත නිෂ්පාදනය
  • නව පශු විමර්ශන මධ්‍යස්ථාන පිහිටුවීම
  • පරික්‍ෂණාගාර පහසුකම් ඉහළ නැංවීම සහ අවශ්‍යතාවයන් සැපිරීම
  • බුරුළු නික්ෂේපන  නිෂ්පාදනය
  • නිරෝධායන ඒකකවල යටිතල පහසුකම් ඉහළ නැංවීම සහ පරික්ෂණාගාර පහසුකම් ඉහළ නැංවීම
  • සැල්මොනෙල්ලෝසිස් හා රැනිකට් රෝග පාලනය
  • අති ව්‍යාධිජනක කුරුළු උණ රෝගයට එරෙහිව කාර්යක්ෂම පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් ඇති කිරීම
  • කුකුළු රෝග හඳුනාගැනීමේ හැකියාව ඉහළ නැංවීම
  • කිරි තාක්ෂණ පරික්ෂණාගාර පහසුකම් හා යටිතල පහසුකම් ඉහළ නැංවීම
  • ප්‍රාදේශීය මට්ටමේ කිරි විශ්ලේෂණ පහසුකම් ඉහළ නැංවීම
  • කිරි ගව ක්ෂේත්‍රය සඳහා විශ්ලේෂණ සහ උපදේශන සේවා සැපයීම
  • කිරි හා කිරි නිෂ්පාදනවල තත්වය හා කල්තබා ගැනීමේ හැකියාව නැංවීමේ වැඩසටහන
  • ක්ෂේත්‍ර මට්ටමේ සතුන් හඳුනාගැනීමේ කටයුතු සිදු කිරීම
  • දේශීය වෙ‍ළෙඳපොළ තුළ උසස් තත්වයේ සත්ව ආහාර සුලභ කිරීම තහවුරු කිරීම
  • පශු නිෂ්පාදන හා ජෛවී ද්‍රව්‍ය නියාමනය
  • කුකුළු පාලනයට අදාළ නියාමන කටයුතු
  • සත්ව නිරෝධායන හා ආවේක්ෂණ කටයුතු
  • පශු සම්පත් පර්යේෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
  • ඉලෙක්ට්‍රොනික්, මුද්‍රිත මාධ්‍ය හා ප්‍රදර්ශන මගින් තොරතුරු බෙදාහැරීම
  • ආදර්ශ ගොවිපොළ ඒකක ප්‍රදර්ශන
  • පශු තාක්ෂණ උද්‍යානයේ විවිධ ගොවිපොළ ඒකක සංවර්ධනය හා නඩත්තු කිරීම
  • පශු සම්පත් ක්ෂේත්‍රයේ සමාජ ආර්ථික බලපෑම පිළිබඳ අධ්‍යයනයන් සිදුකිරීම
  • පශු සම්පත් සංඛ්‍යාන ප්‍රකාශන සැකසීම හා බෙදාහැරීම
  • පශු වෛද්‍ය කාර්යාල ස්ථාපනය
අවසන් යාවත්කාලීන කිරීම 2016 ඔක්තෝබර් 19 වෙනි බදාදා, 09:31
 

අනෙකුත් ආයතන

සී/ස ශ්‍රී ලංකා කුකුළු පාලන සංවර්ධන (පුද්ගලික) සමාගම

Vision

Enhancing the socio-economic life of the rural people through running of the entity as a leading poultry farm development institution in Sri Lanka

Mission

Taking measures required for management of the limited resources available at the highest possible level for achieving a sustainable development by expanding rural level poultry resources

Thrust Areas

  • Function as co-ordinating body among farmers in the private sector, state institution and the relevant Ministries
  • Maintain continuously all breeding activities layer and broiler productions relating to poultry farming
  • Making available all farm productions to consumers at reasonable price through sale outlets of the institute
  • Encouraging the production of entire requirement of poultry feeds and warehouse facilities within the farm itself
  • Ensure the availability of eggs and chicken production required for nutritional enhancement of the rural people at fair prices
  • Distribution of the requirement of baby chicks among small holder poultry farms
  • Proper maintenance of coconut cultivation within the farm for generation of income and using the same poultry farm development
  • Taking actions to gain maximum economic productivity by expanding the cultivation of cash crops and supplementary crops within the farms

Objectives

  • Identify other projects associated with the development of poultry industry and apply technological knowledge required for same
  • Obtain  human resources and financial provisions required for development of poultry industry
  • Identify producers, consumers and purchasers required for development of poultry industry and make all institutional coordination including food and drugs required for that industry
  • Work in collaboration with the state poultry breeding farms
  • Mobilization and empowerment of Community-based organizations islandwide dealing with poultry farming
  • Organic fertilizer production

Functions

  • Ensure availability of quality day old chicks to farmers
  • Supply of eggs and chicken at competitive price to consumers through institution’s sale outlets and increase nutritional position
  • Provide practical and theoritical training on poultry farming to all those interested in poultry industry including the students of the country studing in primary and secondry education
  • Sale of planting material and organic fertilizer required for cultivation
  • Attend to welfare of employees in the institution
අවසන් යාවත්කාලීන කිරීම 2016 ඔක්තෝබර් 19 වෙනි බදාදා, 08:48
 

සීමාසහිත මහවැලි ලයිව්ස්ටොක් එන්ටප්‍රයිසස් සමාගම

This page is under construction

අවසන් යාවත්කාලීන කිරීම 2016 ඔක්තෝබර් 19 වෙනි බදාදා, 08:31
 

මිල්ක් ඉන්ඩස්ට්‍රීස් ලංකා සමාගම

This page is under construction

අවසන් යාවත්කාලීන කිරීම 2017 මාර්තු 09 වෙනි බ්‍රහස්පතින්දා, 09:23
 

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය හා ආශ්‍රිත සමාගම්

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය

1972 අංක 11 දරන කෘෂිකාර්මික සංස්ථා පනත යටතේ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය 1973 වර්ෂයේදී ස්ථාපිත කරන ලදී. එහි ක්ෂේත්‍ර කටයුතු ආරම්භ කරන ලද්දේ 1974 වර්ෂයේදීය. 1977 වර්ෂයේදි මණ්ඩලයේ කාර්යයන් නව  අරමුණකට යොමු කරමින් ඉලක්ක කරන ලද්දේ ජාතික ගව සම්පත පිරිහීයාම වලක්වාලීම සහ කිරි නිෂ්පාදනය සහ බර ඇදීම යන කරුණු දෙකම අරමුණු කරගෙන උසස් ආරයේ ගවයන් සහ මී ගවයන් ඇති කිරීමේ සීඝ්‍ර වැඩසටහනකට අවධානය යොමු කිරීමයි. පශු සම්පත හා පොල් වගාව පවත්වාගෙන යන පශු සහ භෝග ඒකාබද්ධ ගොවිපොළවල් 31ක් වර්තමානයේ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය විසින් නඩත්තු කරනු ලබන අතර, ගොවීන්ට න්‍යායික හා ප්‍රායෝගික දැනුම බෙදාදෙන පුහුණු මධ්‍යස්ථානයක් ද මණ්ඩලය සතුව ඇත.

දැක්ම

ජනතාවගේ සමාජ හා ආර්ථික තත්ත්වයන් වැඩිදියුණු කිරීම සඳහා ගුණාත්මක අභිජනන ද්‍රව්‍ය, පශු සම්පත් හා කෘෂි නිෂ්පාදන නිපදවන ශ්‍රී ලංකාවේ හොඳම ස්ව පැවැත්මක් ඇති ආයතනය බවට පත්වීම

මෙහෙවර

තෘප්තිමත් ශ්‍රම බලකායක් ඇතිව විවිධ කෘෂි දේශගුණික කලාප තුළ ස්ව පැවැත්මකින් යුතු පශු සම්පත් හා භෝග ඒකාබද්ධ ගොවිපොළවල් සමූහයක් පවත්වාගෙනයාම

අරමුණු

  • පශු සම්පත් හා කිරි නිෂ්පාදන වලින් රට ස්වයංපෝෂිත කිරීමේ අරමුණ ඇතිව ගොවීන් වෙත බෝ කිරීම සඳහා සතුන් නොකඩවා සපයමින්  පශු සම්පත් කටයුතු දියුණු කිරීම
  • ආයතනයේ පිරිවැටුම හා ලාභදායීත්වය වර්ධනය කිරීම සඳහා නව තාක්ෂණය උපයෝගී කර ගනිමින් පශු සම්පත් හා කෘෂි නිෂ්පාදන සංවර්ධනය කිරීම
  • කෙටි කාලීන භෝග නිෂ්පාදන ජාතික වැඩසටහනට අනුබල දෙනු පිණිස තෝරාගත් ගොවිපොළවල කෙටි කාලීන භෝග වගා කිරීම
  • පශු සම්පත් හා කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ප්‍රශස්ත නිෂ්පාදන මට්ටම් ළඟා කර ගැනීම
  • පශු සම්පත් හා භෝග ඒකාබද්ධ ගොවිපොළවල් ක්‍රියාත්මක කිරිම තුළින් උපරිම ඵලදායීතාවයක් ලබා ගැනීම
  • පොල් මූලාශ්‍රිත කර්මාන්ත වලින් ලැබෙන අතිරික්ත මුදල් උපයෝගී කර ගනිමින් එහි පැවැත්ම සඳහා ගොවිපොළවල සියළු ක්‍රියාකාරකම් ප්‍රශස්ත මට්ටමකින් පවත්වා ගැනීම
  • වෙළෙඳපොළ තරඟයට සාර්ථකව මුහුණදීම සඳහා පිරිවැය අවම කිරීමට හා නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා උචිත කළමනාකරණ ප්‍රතිපත්ති, නව තාක්ෂණය, විශේෂඥ දැනුම සහ ප්‍රාග්ධනය හඳුන්වාදීම
  • පුද්ගලික අංශයේ සහභාගීත්වයෙන් මෙම ගොවිපොළ ඒකක ලාභදායී ව්‍යාපාර බවට පත් කිරීම සඳහා මනා අලෙවි උපාය මාර්ග සමඟ නව වෙළෙඳ පොළක් ඇති කිරීමේ විභවතාවන් පිළිබඳ අවධානය යොමු කිරීම

 

අභිප්‍රායයන්

උක්ත අරමුණු ළඟා කර ගැනීම උදෙසා ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය මගින් පශු සම්පත් ගොවීන්, පශු සම්පත් නිෂ්පාදකයින්ගේ සමිති, විවිධ රාජ්‍ය නොවන සංවිධාන, සමෘධිලාභීන් මෙන්ම දැනට ක්‍රියාත්මක වන රජයේ සහ පෞද්ගලික අංශයේ ව්‍යාපෘතිවල අවශ්‍යතාවයන් සඳහා උසස් තත්ත්වයේ සතුන් බෝ කිරීම සඳහා සහනදායී මිලකට නිකුත් කිරීම සිදු කරයි.

තවද, සත්ව පාලනය ඵලදායී ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය දැනුම ගොවීන්ට ලබාදීම සඳහාද වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති අතර, එක් එක් කෘෂි දේශගුණික කලාප වලට සුදුසු වන පරිදි ගොවිපොළවල නුමුහුන් හා දෙමුහුන් සතුන් අභිජනන වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත. ග්‍රාමීය ජනතාව තුළ ස්වයං රැකියා අවස්ථා ඇති කිරීම, පශු සම්පත් අංශය සංවර්ධනය කිරීම තුළින් ජනතාවගේ ජීවන තත්ත්වය මෙන්ම පෝෂණ මට්ටම වර්ධනය කිරීම සඳහාද දායකත්වයක් ලබාදී ඇත. පස නිසරුවීම වැලැක්වීමට හා පසෙහි සාරවත් බව වර්ධනය කිරීමට විශේෂයෙන් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය මගින් පාලනය වන වතුවල පරිසර හිතකාමී ලෙස භූමි පරිහරණ ශිල්පීය ක්‍රම අනුගමය කර ඇත.

 

ක්‍රියාකාරකම්

  • පශු සම්පත් අභිජනනය හා වර්ධනය
  • බෝ කිරීම සඳහා හොඳ තත්වයේ සතුන් සාධාරණ මිලකට ගොවීන්ට නිකුත් කිරීම
  • උපරිම ලාභයක් ඉපයීම සඳහා පොල් වගාව ප්‍රශස්ත මට්ටමින් පවත්වාගෙන යාම
  • හැකියාව ඇති ස්ථානවල පශු සම්පත් හා භෝග ඒකාබද්ධ ගොවිපොළවල් ක්‍රියාත්මක කිරීම
  • ගොවීන්, පාසැල් සිසුන්, කෘෂි කර්මාන්තයේ නියැලි නිලධාරීන් සහ විශේෂයෙන් කුඩා පරිමාණයේ සතුන් ඇති කරන්නන්හට පුහුණු වැඩසටහන් හා ප්‍රදර්ශන පැවැත්වීම
  • සාධාරණ මිලකට උසස් තත්වයේ ගොවිපොළ නිෂ්පාදන සැපයීම සඳහා අලෙවිසැල් ස්ථාපිත කිරීම සහ පවත්වාගෙන යාම
  • ඉහළ ලාභ පරතරයක් ලබා ගැනීම සඳහා ගොවිපොළවල නිෂ්පාදිත අමු ද්‍රව්‍ය භාවිතා කරමින්  වටිනාකම එකතු කරන ලද භාණ්ඩ නිෂ්පාදනය කිරීම
  • ජනතාව අතර නැවුම් එළකිරි පරිභෝජනය ප්‍රචලිත කිරිම සඳහා දීපව්‍යාප්තව අලෙවිසැල් ජාලයක් පවත්වා ගෙන යාම
අවසන් යාවත්කාලීන කිරීම 2017 මාර්තු 09 වෙනි බ්‍රහස්පතින්දා, 09:21
 

විශේෂ ආර්ථික මධ්‍යස්ථාන

විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන

කෘෂි අලෙවි සංවර්ධන උපාය මාර්ගයක් ලෙස ග්‍රාමීය ප්‍රදේශවල නිෂ්පාදන අලෙවි කර ගැනීම සඳහා පහසුකම් සැපයීමේ අරමුණින් 1998 සිට රජයේ අයවැය ප්‍රතිපාදන උපයෝගී කරගනිමින් විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන පිහිටුවීම ආරම්භ කරන ලදී.

එතෙක්, ග්‍රාමීය කර්මාන්ත හා ස්වයං රැකියා ප්‍රවර්ධන අමාත‍්‍යාංශය යටතේ පැවැති විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන විෂය පථය 2007 වර්ෂයේ වෙළෙඳ,අලෙවි සංවර්ධන, සමූපකාර හා පාරිභෝගික සේවා අමාත්‍යාංශය යටතට පත් කෙරිණි. ඒ අනුව, වර්තමානයේ මෙම සියළුම ආර්ථික මධ්‍යස්ථාන සමඟ සම්බන්ධීකරණය හා මෙහෙයවීම් කටයුතු ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය යටතට පැවරී ඇත. දැනට ක්‍රියාත්මක මට්ටමේ පවතින ආර්ථික මධ්‍යස්ථාන සංඛ්‍යාව 13 කි. ඉදිරියේදී අම්පාර හා කිලිනොච්චි විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමට නියමිතය.

දැක්ම

ශ්‍රී ලාංකීය පාරිභෝගිකයාගේ සහ නිෂ්පාදකයාගේ ජීවන මට්ටම ඉහළ නැංවීම තුළින් ශ්‍රී ලංකාව ආසියාවේ ඉහළ ජීවන මට්ටමක් ඇති රටක් බවට පත් කිරීම

මෙහෙවර

නිෂ්පාදකයාට ඉහළ මිලක් සහ පාරිභෝගිකයාට සාධාරණ මිලකට ඉහළ ගුණාත්මක බවකින් යුතු නිෂ්පාදන සැපයීම

ප්‍රධාන ක්ෂේත්‍ර

තරඟකාරී වෙළෙඳපොළ තත්ත්වයක් නිර්මාණය කිරීම තුළින් සාධාරණ වෙළෙඳාම ප්‍රවර්ධනය කිරීම සඳහා තොග හා සිල්ලර වෙළෙඳ මධ්‍යස්ථාන පිහිටුවිම

අරමුණු

  • නිෂ්පාදන සඳහා ඉලක්කගත වෙළෙඳපොළක් ඇති කිරීම මගින් නිෂ්පාදකයාට සාධාරණ මිලක් ලබා දීම
  • පාරිභෝගිකයාට අඩු මිලක් යටතේ ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමට පහසුකම් සැපයීම
  • තොග වෙළෙඳුන්ට නිෂ්පාදකයාගෙන් සෘජුවම නැවුම් එළවළු හා පලතුරු ලබා ගැනීමට අවස්ථාව ලබා දීම
  • තරඟකාරී පරිසරයක් තුළ තොග වෙළෙඳාම කරගෙන යාම තුළින් වෙළෙඳ ප්‍රජාව දිරි  ගැන්වීම

කාර්යයන්

  • නැවුම් හා ඉහළ ගුණත්වයෙන් යුත් භෝග රැස් කිරීම හා බෙදා හැරීම - විශේෂයෙන්ම ප්‍රාදේශීය විශේෂීකරණය මත භෝග රැස්කිරීම
  • තොග සහ සිල්ලර වෙළෙඳාම
  • නිෂ්පාදකයාගේ සිට පාරිභෝගිකයා දක්වා වූ බෙදාහැරීමේ ජාලය තුළ අතරමැදියන් අවම කිරීමට කටයුතු කිරීම
  • එකම වහලක් යටදී පාරිභෝගිකයින්ට අවශ්‍ය භාණ්ඩ හා සේවා ලබාගැනීමේ පහසුකම් සලසාදීම
  • තරඟකාරී පරිසරයක් තුළ සමස්ත ආර්ථිකයේ මිල මට්ටම ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා සහායවීම

විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන ප්‍රභේද තුනකි.

  • කෘෂි නිෂ්පාදන ප්‍රදේශ කේන්ද්‍ර කරගත් තොග මධ්‍යස්ථාන
  • කෘෂි නිෂ්පාදන හා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග/සිල්ලර වශයෙන් බෙදාහැරීමේ මධ්‍යස්ථාන
  • නාගරික ප්‍රදේශ කේන්ද්‍ර කරගත් සිල්ලර අලෙවි මධ්‍යස්ථාන

 

විශේෂිත ආර්ථික මධ්‍යස්ථානවල පිහිටීම

පළාත

නිෂ්පාදන ප්‍රදේශ කේන්ද්‍ර කරගත් මධ්‍යස්ථාන

නිෂ්පාදන බෙදාහැරීමේ මධ්‍යස්ථාන (තොග/සිල්ලර)

නාගරික ප්‍රදේශ කේන්ද්‍ර කරගත් සිල්ලර බෙදාහැරීමේ මධ්‍යස්ථාන

විවෘත කිරීමට යෝජිත ආර්ථික මධ්‍යස්ථාන

බස්නාහිර

වැලිසර, මීගොඩ

වේයන්ගොඩ

රත්මලාන

නාරාහේන්පිට

පිළියන්දල

මධ්‍යම

නුවරඑළිය

දඹුල්ල

කුරුඳුවත්ත

කන්දෙ හන්දිය

වයඹ

වාරියපොල*

ඌව

කැප්පෙටිපොල

උතුරු මැද

තඹුත්තේගම

සබරගමුව

ඇඹිලිපිටිය

නැගෙනහිර

අම්පාර

උතුර

කිලිනොච්චිය

* ක්‍රියාත්මක තත්ත්වයේ නොපවතී

 

ආර්ථික මධ්‍යස්ථාන ගැන වැඩි විස්තර ලබාගැනීම සඳහා මෙහි ක්ලික් කරන්න

අවසන් යාවත්කාලීන කිරීම 2016 ඔක්තෝබර් 19 වෙනි බදාදා, 08:54
 

වී අලෙවි මණ්ඩලය

දැක්ම

කෘෂි නිෂ්පාදන මිලදී ගැනීමේ හා මෙහෙයවීමේ ප්‍රමුඛ ජාතික ආයතනය බවට පත්වීම

මෙහෙවර

කෘෂි නිෂ්පාදකයා හා පාරිභෝගිකයා තෘප්තිමත් වන වෙළෙඳපොල යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම

ප්‍රධාන ක්ෂේත්‍ර

  • වී සහ ප්‍රධාන ධාන්‍ය වර්ගවල වෙළෙඳපොල මිල ස්ථාවරව තබා ගැනීම
  • උසස් ප්‍රමිතියෙන් යුත් වී සහ ධාන්‍යවල ගුණාත්මකභාවය ඇති කිරීම සහ පවත්වාගෙන යාම
  • උසස් තත්ත්වයේ ගුණාත්මක නිෂ්පාදන වෙළෙඳපොලට නිකුත් කිරීම සඳහා නිෂ්පාදකයා, සකස් කරන්නා සහ අලෙවි කරන්නා දිරිගැන්වීම
  • කාර්යක්ෂමව හා ඵලදායී අයුරින් සම්පත් මෙහෙයවීම
  • පාරිභෝගිකයා සඳහා සහනදායී මිලට සහල් සහ කෘෂි නිෂ්පාදන ලබා ගැනීමට පහසුකම් සලසා දීම
  • ශ්‍රී ලාංකිකයන් සඳහා ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීම

අරමුණු

  • ධාන්‍ය නිෂ්පාදන මිලදී ගැනීම, අලෙවි කිරීම, සැපයුම හා බෙදා හැරීමේ ව්‍යාපාර පවත්වාගෙන යාම
  • ධාන්‍ය නිෂ්පාදනවල ගුණාත්මකභාවය ඇති කිරීමට පෙළඹවීම
  • පරිභෝජනය සඳහා ධාන්‍ය නිෂ්පාදන සකස් කිරීම හා බෙදාහැරීම
  • රජයේ අවශ්‍යතාවය පරිදි ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීම සඳහා ආරක්ෂණ තොගයක් පවත්වාගෙන යාම
  • පාරිභෝගිකයාට ගුණාත්මක බවින් යුතු ධාන්‍ය නිෂ්පාදන සාධාරණ මිලට ලබාදීමට කටයුතු කිරීම
  • ධාන්‍ය නිෂ්පාදන සඳහා සහතික මිලක් ලබාදෙමින් ගොවීන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට කටයුතු කිරීම

1971 අංක 14 දරන පාර්ලිමේන්තු පනත මගින් වී අලෙවි මණ්ඩලය පිහිටුවා ඇත.  මෙම ආයතනය 2000 සිට 2007 කාලය තුළ ඈවර කිරීමට කටයුතු සිදු කරමින් පැවති අතර, 2007 දෙසැම්බර් 01 සිට නැවත මෙහෙයුම් කටයුතු ආරම්භ කර ඇත.

සේවාවන්

වී අලෙවි මණ්ඩලය 2007 වසරේ නැවත ආරම්භ කිරීමෙන් පසු රජයේ අපේක්ෂාව වූයේ වී නිෂ්පාදන කාර්යයේ නියුතු ගොවි මහතුන්ට තම ආර්ථික තත්ත්වය ස්ථාවර මට්ටමකින් පවත්වාගෙන යාම සඳහා සුදුසු වන පරිදි සහතික මිල යෝජනා කිරීමත්, වී නිෂ්පාදන එම සහතික මිලට මිලදී ගැනීමත් පාරිභෝගික ජනතාවට වඩාත් සාධාරණ මිලක් ලබාදෙන සහල් වෙළෙඳපොළක් ඇති කිරීමත්ය. මේ යටතේ,

  • වී මිලට ගැනීමේ, විකිණීමේ සහ සහල් සැපයීමේ හා බෙදා හැරීමේ ව්‍යාපාරය කරගෙන යාම
  • වී කෙටීමේ, පෑහීමේ හා සකස් කිරීමේ ව්‍යාපාර කරගෙන යාම

web : www.pmb.gov.lk

අවසන් යාවත්කාලීන කිරීම 2016 ඔක්තෝබර් 19 වෙනි බදාදා, 09:20
 

 

නවතම පුවත්

නව ලොරි රථ දෙකක් නාරාහේන්පිට ජාතික කිරි මණ්ඩලය වෙත  ! නව ලොරි රථ දෙකක් නාරාහේන්පිට ජාතික කිරි මණ්ඩලය වෙත !
ජාතික කිරි මණ්ඩලයේ වියලි නිපැයුම් ද්‍රව්...
ග්‍රාමිය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය නව පරිශ්‍රයකට ...... ග්‍රාමිය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය නව පරිශ්‍රයකට ......
ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශයේ නව ...
රුපියල් මිලියන 30 ක වියදමින් ලුණුගම්වෙහෙරට නව වී ගබඩාවක් ඉදිවේ රුපියල් මිලියන 30 ක වියදමින් ලුණුගම්වෙහෙරට නව වී ගබඩාවක් ඉදිවේ
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවිජනතාවගේ වී ...
නව වී ගබඩා ඉදි කිරීම සඳහා මුල්ගල් තැබීමේ උත්සවය නව වී ගබඩා ඉදි කිරීම සඳහා මුල්ගල් තැබීමේ උත්සවය
රුපියල් මිලියන 30ක වියදමින් නොච්චියාගම, ...

කතුහිමිකම © 2017 ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය. සියළු හිමිකම් ඇවිරිනි.
නිර්මාණය හා සංවර්ධනය : Pooranee Inspirations (Pvt) Ltd.
Last Update 12-10-2017.