Tamil (Sri Lanka)English (United Kingdom)
ඔබ මෙතනයි:  මුල් පිටුව අප ගැන අපගේ කණ්ඩායම

අපගේ කණ්ඩායම

ඩී.කේ.ආර්. ඒකනායක මහත්මිය
ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්

ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වන රේණුකා ඒකනායක මහත්මිය ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියකි.

ඒකනායක මහත්මිය 1982 වර්ෂයේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී රාජ්‍ය පරිපාලන විද්‍යා (විශේෂ) උපාධියක් ලබා ඇත.  ඇය 1994 දී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ආයතනයෙන් රාජ්‍ය පරිපාලනය පිළිබඳ විද්‍යාපති උපාධියක්ද ලබා ඇත.  එමෙන්ම, ඇය ජර්මනියේ ජාත්‍යන්තර කාන්තා විශ්ව විද්‍යාලයෙන් සංවර්ධනයේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා කාන්තාව පිළිබඳව ඩිප්ලෝමාවක්ද, සමාජ විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් සහ ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ ඩිප්ලෝමාවක් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ලබා ඇත.  ඇය දැනට මලයාසියා විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධිය සඳහා වන පාඨමාලාවක්ද හදාරන්නීය.

1985 දී ශ්‍රී ලංකා පරිපාලන සේවයට ඇතුළත් වූ ඒකනායක මහත්මිය සමාජ සේවා, සුභ සාධන හා පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වශයෙන්ද (2015), තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වශයෙන්ද (2011-2015), සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වශයෙන්ද (2007 - 2011), සංස්කෘතික කටයුතු හා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් වශයෙන්ද (2005 – 2007), සමෘද්ධි අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් වශයෙන්ද (2000 – 2002) සේවය කර ඇත.


බී.ඒ. මේනකා පී. අබේරත්න
අතිරේක ලේකම් (පාලන හා මුදල්)

මේනකා අබේරත්න මහත්මිය ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක වන අතර, ඇය වර්ෂ 1995 දී පරිපාලන සේවයට එක් වී ඇත.

ඇය ප්‍රාදේශීය ලේකම් ලෙස බුලත්සිංහල, මදුරාවල සහ බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවය කර ඇත.

කැළණිය විශ්ව විද්‍යාලයේ කලා විශේෂ උපාධිය ද, කැළණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක් ද සතුවන ඇය ආපදා කළමනාකරණය පිළිබඳව හා රාජ්‍ය කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලා හදාරා ඇත.

එසේම අබේරත්න මිය තායිලන්තයේ සහ නේපාලයේ ග්‍රාමීය සංවර්ධනය පිළිබඳ කෙටි කාලීන පුහුණු  සඳහා සහභාගි වී ඇත. මේනකා පී අබේරත්න මහත්මිය මේ වන විට ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන හා මුදල්) ලෙස කටයුතු කරයි.


 

එස්.සේනානායක මහතා
අතිරේක ලේකම් ( සංවර්ධන හා සැලසුම්)

එස්.සේනානායක මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙක් වන අතර පරිපාලන සේවාවට පිවිස ප්‍රාදේශීය පරිපාලනයේ මෙන්ම අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ගණනාවක සේවය කොට ඇති රාජ්‍යය සේවයේ අත්දැකීම් බහුල නිලධාරියෙකි.

සහකාර ප්‍රාදේශීය ලේකම්වරයකු, ප්‍රාදේශීය ලේකම්වරයෙකු ලෙස ප්‍රාදේශීය පාලන රාජකාරී කටයුතු සිදු කර ඇති අතර සහකාර අධ්‍යක්ෂවරයෙකු ලෙස ග්‍රාම සංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ  ආයතනයේ සේවය කර ඇත.

සීනි කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශය හා උසස් අධ්‍යාපන, මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල අතිරේක ලේකම්වරයකු ලෙස රාජකාරී කටයුතු කර ඇති ඔහු වර්තමානයේ මෙම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ( සංවර්ධන හා සැලසුම්) තනතුරට පත්වීමට පෙර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් ලෙස කටයුතු කර ඇත.

එස්.සේනානායක මහතා 1985 වර්ෂයේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ විශේෂ උපාධිය( දෙවන පෙළ පහල පන්ති සාමාර්ථ සහිතව) හා 2008 වර්ෂයේදී ඉන්දියාවේ ගුරු ගෝබින්ද් සිං ඉන්ද්‍රපාස්තා විශ්ව විද්‍යාලයෙන් මානව සම්පත් සැලසුම්කරණය හා සංවර්ධනය පිළිබඳ පශ්චාත් උපාධිය ලබාගෙන ඇත. රාජ්‍ය පරිපාලනය පිළිබඳව විශේෂ පුහුණු වැඩමුළු  හා සම්මන්ත්‍රණ සඳහා සහභාගී වී ඇති ඔහු දැනට ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ( සංවර්ධන හා සැලසුම්) ලෙස සේවය කරයි.


වෛද්‍ය ආර්.පී.එම්. පතිරත්න මහතා.
අතිරේක ලේකම් (පශු සම්පත් සංවර්ධන)

ආර්.පී.එම්.  පතිරත්න මහතා ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකි.

1981 වර්ෂයේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් පශුවෛද්‍යවේදී උපාධියක් ලබා ඇත. ඉන් අනතුරුව ඕස්ට්‍රේලි‍යාවේ බටහිර සිඩ්නි විශ්වවිද්‍යාලයෙන් ව්‍යාප්තිය හා ග්‍රාමීය සංවර්ධනය පිළිබඳ පශ්චාත් උපාධියක් ලබා ගෙන ඇත. එසේම, නෙදර්ලන්තයේ PTC ආයතනයෙන් නූතන කිරි ගොවිපොළ කළමනාකරණය පිළිබඳව පාඨමාලාවක් ද හදාරා ඇත.

1982 වර්ෂයේ දි සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය ‍සේවයට ඇතුළත් වූ පතිරත්න මහතා වසර ගණනාවක් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය ‍දෙපාර්තමේන්තුවේ පළාත් අධ්‍යක්ෂ තනතුර දැරුවේ ය. දැනට මෙම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පශු සම්පත් සංවර්ධන) වශයෙන් සේවය කරමින් සිටියි.

 

 


නාලිකා ගුණරත්න
ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්

නාලිකා ගුණරත්න මහත්මිය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය  පිළිබඳ විශේෂ උපාධියක් ලබා ගෙන ඇති අතර කැලණිය විශ්ව විද්‍යාලයෙන් සමාජ  විද්‍යාව පිළිබඳව ශාස්ත්‍රපති උපාධියක් ද ලබා ගෙන ඇත.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරිණියක් වන ඇයට වසර 12 වඩා වැඩි රාජ්‍ය සේවා පළපුරුද්දක් ඇත. ගුණරත්න මහත්මිය මිට පෙර ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ සේවය කර ඇති අතර දැනට මෙම අමාත්‍යාංශයේ පාලන අංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරිය වශයෙන් ක්‍රියා කරයි.

 

 


පී.එස්.විමලවීර
ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්
(පශු සම්පත් අංශය)

පී.එස්.විමලවීර මහත්මිය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ විශේෂ උපාධිය ලබා ගෙන ඇති අතර, ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයෙන් රාජ්‍ය කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිය ද ලබා ගෙන ඇත. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරිනියක් වන ඇය වසර 18 කට වඩා වැඩි රාජ්‍ය සේවා පළපුරුද්දක් ඇත.

ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය, පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය, සමාජ සේවා, සුබසාධන හා පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශය ආදී අමාත්‍යාංශවල සහ මොරටුව හා රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි ප්‍රාදේශීය ලේකම් වශයෙන් ද සේවය කර ඇත.

දැනට ඇය ග්‍රාමීය ආර්ථිකය පිළීබඳ අමාත්‍යාංශයේ පශු සම්පත් අංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් වශයෙන් කටයුතු කරනු ලබයි.

 


ගිල්මා දහනායක
ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්

ගිල්මා දහනායක මහත්මිය රුහුණු විශ්ව විද්‍යාලයෙන් ජීව විද්‍යාව පිලිබඳ මූලික උපාධිය ලබාගෙන ඇති අතර රජරට  විශ්ව විද්‍යාලයෙන් කළමණාකරණය පිලිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් හා කොළඹවිශ්ව විද්‍යාලයෙන් ආර්ථික සංවර්ධනය පිලිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක්ද ලබාගෙන ඇත.

2000 වර්ෂයේ දී ශ්‍රී ලංකා පරිපාලන සේවයට පත්වූ ඇය මීට පෙර සෞඛ්‍ය ආරක්ෂණසහ පෝෂණ සහ ජනමාධ්‍ය යන අමාත්‍යංශ වලද සේවය කර ඇත. ගිල්මා දහනායක මහත්මිය මෙම අමාත්‍යංශයේ සංවර්ධන හා සැලසුම් අංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් වරිය ලෙස ක්‍රියාකරයි


පුෂ්පා රංජනී අබේගුණවර්ධන මිය
අධ්‍යක්ෂ (සංවර්ධන)

පුෂ්පා රංජනී අබේගුණවර්ධන මහත්මිය ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පළමු පන්තියේ නිලධාරිනියක් වන අතර 1998 වර්ෂයේ ශ්‍රී ලංකා පරිපාලන සේවයට පිවිස විවිධ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා ආයතනයන්හි විධායක නිලධාරිනියක ලෙස කටයුතු කර ඇත.

ඇය කොළඹ විශ්ව විද්‍යාලයේ භූගෝල විද්‍යා විශේෂ උපාධිධාරිනියක වන අතර භූගෝල විද්‍යා අධ්‍යයනාංශයේ සහකාර කථිකාචාර්යවරියක ලෙසත්, සබරගමුව විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරියක ලෙසත්, මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ ව්‍යාපෘති නිලධාරිනියක ලෙසත් සේවය කර ඇති අතර ග්‍රාමීය හා ප්‍රාදේශීය සංවර්ධනය පිළිබඳ  භූගෝල විද්‍යා ශාස්ත්‍රපති උපාධිය කොළඹ විශ්ව විද්‍යාලයන් ලබා ගෙන ඇත.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරිනියක ලෙස ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය, සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය, වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය, උඩරට නව ගම්මාන යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව හා හොරණ, ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හිද සේවය කර ඇත.

දැනට ඇය ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශයේ සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ - සංවර්ධන ලෙස සංවර්ධන ව්‍යාපෘති භාරව කටයුතු කරන්නීය.


නිල්මිණි කුමාරසිංහ
අධ්‍යක්ෂ සැලසුම්

නිල්මිණි කුමාරසිංහ මහත්මිය කොළඹ විශ්ව විද්‍යලයෙන් ශාස්ත්‍රවේදි (විශේෂ) උපාධිය ලබා ගෙන ඇති අතර එම විශ්ව විද්‍යාලයෙන්ම පිරිනමනු ලබන උප ජාතික මටිටමේ සැලසුම්කරණය පිළිබඳව පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ලබා ගෙන ඇත.

ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවයේ නිලධාරිණියක් වන ඇය මේ වන විට වසර 16 සේවා කාලයක් සම්පූර්ණ කර ඇත.

මීට පෙර යෞවන කටයුතු හා ක්‍රීඩා හා අමාත්‍යංශය,  සමෘද්ධි අමාත්‍යංශය, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය වැනි අමාත්‍යාංශවල  සේවය කර ඇති ඇය මෙම අමාත්‍යාංශයේ සැලසුම් අංශයේ අධ්‍යක්ෂ ලෙස ක්‍රියා කරයි.

 


 

වෛද්‍ය සී.එන්.එස්. ගමගේ මහතා.
නියෝජ්‍ය අධ්‍යක්ෂ (පශු සම්පත් සැලසුම්)

නිරෝෂන් සම්පත් ගමගේ මහතා ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවයේ පළමු ‍ශ්‍රේණියේ නිලධාරියෙකි.

1999 වර්ෂයේ දි පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් පශුවෛද්‍යවේදී උපාධියක් ලබා පසුව 2003 වර්ෂයේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් කෘෂි ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක් ලබා ඇති අතර, 2007 වර්ෂයේ දී රුහුණු විශ්වවිද්‍යාලයෙන් ජෛව අණුක විද්‍යාව හා ජෛව තාක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධියක් ද, කොළඹ විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධියක් ද හදාරමින් සිටින අතර, ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයෙන් රාජ්‍ය කළමනාකරණය පිළිබඳ  ඩිප්ලෝමාවක් ද, එංගලන්තයේ නොටිංහැම් විශ්වවිද්‍යාලයෙන් පුරාවිද්‍යාව පිළිබඳ පශ්චාත් ඩිප්ලෝමාවක් ද, ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ විශ්වවිද්‍යාලයෙන් සත්ත්ව පාලනය පිළිබඳ ඩිප්ලෝමාවක් ද ලබා ඇත. එමෙන්ම, ජපානයේ ඔබිහිරෝ විශ්වවිද්‍යාලයෙන් පශු සම්පත් - ජාන සම්පත් සුරැකුම සහ ව්‍යාප්ති සේවා පිළිබඳව සහතික පත්‍ර පාඨමාලාවක් ද, තායිලන්තයේ ‍කෙසසාට් විශ්වවිද්‍යාලයෙන් ග්‍රාමිය ආර්ථිකය තුළ ස්වයංපෝෂී අර්ථ රටා ස්ථාපනය පිළිබඳව ද, මැලේසියාවේ ප්‍රාථමික කර්මාන්ත පිළිබඳ අමාත්‍යාංශය යටතේ ග්‍රාමීය ව්‍යවසායකත්වය දියුණු කිරීම තුළින් ග්‍රාමීය ආර්ථිකය ගොඩනැ‍ගීම පිළිබඳව ද, චීනයේ ජිජෑං විශ්වවිද්‍යාලයෙන් කෘෂි නිෂ්පාදන හා ග්‍රාමීය ආර්ථිකය සංවර්ධනය පිළිබඳව ද, දකුණු කොරියාවේ සියෝල් විශ්වවිද්‍යාලයෙන් පශු සම්පත් සංවර්ධනය හා ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව ද සහතික පත්‍ර පාඨමාලා හදාරා ඇත.

2000 වර්ෂයේ දි පශු වෛද්‍ය නිලධාරී ලෙස ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය‍ සේවයට ඇතුළත් වූ නිරෝෂන් මහතා කැකුණදුර සත්ත්ව පාලන පුහුණු විද්‍යාලයේ විදුහල්පති වශයෙන් ද, දකුණු පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ විශේෂ ව්‍යාපෘති භාර පශු වෛද්‍ය නිලධාරී  වශයෙන් ද සේවය කළ අතර 2007 වර්ෂයේ සිට පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශයේ සහකා‍ර අධ්‍යක්ෂ ලෙසින් ද, 2010 වර්ෂයේ පිළිවෙලින් පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශයේ ද, සමාජ සේවා සුබසාධන හා පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ද සේවය කර ඇත. ශ්‍රී ලංකා කෘෂිකර්ම පර්යේෂණ ප්‍රතිපත්ති සභාවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ද, රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ද, මිල්කෝ ආයතනයේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ලෙසද සේවය කළ අතර, වයඹ විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙකු, ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ සාමාජික හා රාජකීය ආසියාතික සංගමයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරයි.

කිරි ගව සම්පත් සැලසුම් හා ව්‍යාපෘති සැලසුම් ‍ක්ෂේත්‍රය පිළිබඳව විශේෂඥතාවයක් දරන නිරෝෂන් සම්පත් ගමගේ මහතා දැනට මෙම අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (පශු සම්පත් සැලසුම්) ලෙස සේවය කරයි.

 


 

එස්.බී. අරවින්ද  ද මැල් මහතා.
නියෝජ්‍ය අධ්‍යක්ෂ (පශු සම්පත් සංවර්ධන)

අරවින්ද ද  මැල් මහතා ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරියෙකි.

1985  වර්ෂයේ දී අම්පාර හාඩි ජ්‍යෙෂ්ඨ කාර්මික ආයතනයෙන් ජාතික තාක්ෂණ විද්‍යා (කෘෂිකර්මය) ඩිප්ලෝමාවක්  ලබා ඇත. පසුව පිලිපීනය, චීනය, මැලේසියාව, තායිලන්තය, නෙදර්ලන්තය, ඉන්දියාව, කොරියාව ආදී රටවලදී පශු සම්පත් ක්ෂේත්‍රයට අදාළ කෙටිකාලීන පුහුණු පාඨමාලාවන් හදාරා ඇත.

1886 වර්ෂයේ දී සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා තාක්ෂණ සේවයට අයත් සත්ත්ව සංවර්ධන උපදේශකයෙකු ලෙස සේවය ආරම්භ කළ මැල් මහතා 1998 දී ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවයට උසස් වීම් ලබා ඇත. 1986 - 2000 දක්වා ස.නි.සෞ.දෙ. කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සත්ත්ව නිරෝධායන ඒකකයේ සත්තව නිරෝධායන පරීක්ෂකයෙකු ලෙස ද, 2000 - 2008 දක්වා ස.නි.සෞ.දෙ. කොළඹ සත්ත්ව නිරෝධායන මධ්‍යස්ථානයේ සත්ත්ව පාලන නිලධාරියෙකු ලෙස ද, 2008 වර්ෂයේ සිට මේ දක්වා පශු සම්පත් විෂය භාර අමාත්‍යාංශය යටතේ සේවය කරන අතර දැනට ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (පශු සම්පත් සංවර්ධන) ලෙස සේවය කරයි.

 


කේ.ඒ.ජයදේවී පී. කොඩිතුවක්කු,
සහකාර ලේකම් (පාලන)

ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශයේ සහකාර ලේකම් (පාලන) ජයදේවී කොඩිතුවක්කු මෙනවිය ශ්‍රී ලංකා පරිපාලන සේවයේ III වන පන්තියේ නිලධාරිනියකි.

ඇය 2006 වසරේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ ගෞරව ශාස්ත්‍රෙව්දී උපාධියක් ලබා ඇත. ඇය 2013 වසරේදී කැළණිය විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා ඇත.

2009 වසරේදී ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක් වූ ඇය මීට පෙර කළුතර දිස්ත්‍රික්කයේ සමූපකාර සංවර්ධන සහකාර කොමසාරිස් වශයෙන්ද (2017 – 2016) සේවය කර ඇත.

 


එස්.ඒ.ශාලිකා නිල්මිනී
සහකාර අධ්‍යක්ෂ (සංවර්ධන)

එස්.ඒ. ශාලිකා නිල්මිණී මෙනවිය ශ්‍රී ලංකා නැගෙනහිර විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදී කළමණාකරණ උපාධිය ලබාගෙන ඇති අතර, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමණාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ආයතනයෙන් රාජ්‍ය පරිපාලනය පිළීබඳ විද්‍යාපති උපාධියද ලබා ගෙන ඇත.

2012 වර්ෂයේ දී ශ්‍රී ලංකා පරිපාලන සේවයට ඇතුළත් වූ ඇය දැනට මෙම අමාත්‍යාංශයේ සංවර්ධන හා සැලසුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ (සංවර්ධන) වශයෙන් ක්‍රියා කරයි.

 


 

ලාල් හේවාපතිරන මහතා
සහකාර අධ්‍යක්ෂ ( සංවර්ධන )

ලාල් හේවාපතිරන මහතා ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිය ලබාගෙන ඇති අතර, 2014 වසරේදී ශ්‍රී ලංකා පරිපාලන සේවයට ඇතුලත් වූ මොහු දැනට මෙම අමාත්‍යාංශයේ සංවර්ධන හා සැලසුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ ( සංවර්ධන ) ලෙස සේවය කරයි.

 

 

 


යසන්ති සමරසිංහ
සහකාර අධ්‍යක්ෂක (සැලසුම්)

යසන්ති සමරසිංහ මහත්මිය පේරාදෙනිය විශ්ව විද්‍යාලයෙන් කෘෂිකර්ම විද්‍යාව පිලිබඳ විද්‍යාවේදී ‍ගෞරව උපාධිය ද, ජපානයේ ප්‍රතිපත්ති අධ්‍යනය පිලිබඳ ජාතික උපාධි ආයතනය (GRIPS)මගින් පිරිනමන අන්තර්ජාතික සංවර්ධනය පිලිබදව විද්‍යාපති උපාධියද, ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය මගින් පිරිනමන සැලසුම්කරණය හා සංවර්ධනය පිලිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ද ලබාගෙන ඇත.

ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයට අයත් නිලධාරිනියක වන යසන්ති සමරසිංහ මහත්මිය මීට පෙර ජාතික ක්‍රමසම්පාදන හා විදේශ ආධාර හා අයවැය අධික්ෂණ යන දෙපාර්තමේන්තුවල සේවයකර ඇත. යසන්ති සමරසිංහ මහත්මිය මෙම අමාත්‍යාංශයේ සංවර්ධන හා සැලසුම් අංශයේ සහකාර අධ්‍යක්ෂකවරියක් ලෙස ක්‍රියා කරයි.


වෛද්‍ය කේ.ඒ.ආර්. පීරිස් මහත්මිය.
සහකාර අධ්‍යක්ෂ (සැලසුම්)

අජන්තා පීරිස් මහත්මිය ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ නිලධාරිනියකි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් පශුවෛද්‍යවේදී  උපාධියක් ලබා ඇති පීරිස් මහත්මිය කොළඹ විශ්වවිද්‍යාලයෙන් ප්‍රාදේශීය සංවර්ධනය සහ සැලසුම්කරණය පිළිබඳ පශ්චාත් උපාධියක් ද, ශ්‍රී ලංකා සංවර්ධන හා පරිපාලන ආයතනයෙන් (SLIDA) සැලසුම්කරණය සහ සංවර්ධනය පිළිබඳ ඩිප්ලෝමාවක් ද ලබා ගෙන ඇත.

2008 වර්ෂයේ දී ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයට ඇතුළත් වූ පීරිස් මහත්මිය දැනට මෙම අමාත්‍යාංශයේ සැලසුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) වශයෙන් සේවය කරයි.


වෛද්‍ය ජී.එස්. සුමනසේකර මෙය.
පශු වෛද්‍ය නිලධාරි

සාගරිකා සුමනසේකර මෙනවිය ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරිනියකි.

1999 වර්ෂයේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් පශුවෛද්‍යවේදී  උපාධියක් ලබා ඇති ඇය කැලණිය විශ්වවිද්‍යාලයෙන් ආහාර හා පෝෂණය පිළිබඳ පශ්චාත් උපාධිය ද, කොළඹ විශ්වවිද්‍යාලයෙන් සහ ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයෙන් බෝනොවන රෝග පිළිබඳ පශ්චාත් උපාධියක් ද, ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයෙන් දෙමළ භාෂාව පිළිබඳ ඩිප්ලෝමාවක් ද ලබා ගෙන ඇත.

2000 වර්ෂයේ දී සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය ‍සේවයට ඇතුළත් වූ ඇය ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරියේ ද, ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ද, සමාජසේවා, සුභසාධන හා පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ද සහකාර අධ්‍යක්ෂ, නියෝජ්‍ය අධ්‍යක්ෂ සහ අධ්‍යක්ෂවරියක ලෙස සේවය කර ඇති අතර, දැන‍ට සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අනුයුක්තව, මෙම අමාත්‍යාංශයේ පශු සම්පත් සැලසුම් අංශයේ සේවය කරයි.

 


වෛද්‍ය එච්.සී. කන්නන්ගර මිය.
පශු වෛද්‍ය නිලධාරී

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවයේ පශු වෛද්‍ය නිලධාරිනියක වන චමරි කන්නන්ගර මිය 2002 වර්ෂයේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් පශුවෛද්‍යවේදී උපාධියක් ලබා ඉන් අනතුරුව ලන්ඩන් විශ්වවිද්‍යාලයේ රාජකීය පශු වෛද්‍ය විද්‍යාලයෙන් පශු නිෂ්පාදන හා සෞඛ්‍ය  පිළිබඳ පශ්චාත් උපාධියක් ලබා ඇති කන්නන්ගර මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතීඥ හා ප්‍රසිද්ධ නොතාරිස් පදවිය ද ලබා ඇත.

2006 වර්ෂයේ දී සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය‍ සේවයට ඇතුළත් වූවාය. දැනට මෙම අමාත්‍යාංශයේ පශු සම්පත් සංවර්ධන අංශයේ පශු වෛද්‍ය නිලධා‍රී ලෙස සේවය කරයි.

 


වෛද්‍ය ඩබ්ලිව්.අයි.පී. පීරිස් මිය.
පශු වෛද්‍ය නිලධාරී

ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවයේ පශු වෛද්‍ය නිලධාරිනියක වන ඉනෝකා පීරිස් මහත්මිය 2002 වර්ෂයේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් පශු වෛද්‍යවේදී උපාධිය ද, 2005 දී ස්වීඩනයේ උප්සලා විශ්වවිද්‍යාලයෙන් ආහාර ක්ෂුද්‍රජීවී විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය ද ලබා ගෙන ඇත.

2006 වර්ෂයේ දී සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවයට ඇතුළත් වූ ඇය දැනට මෙම අමාත්‍යාංශයේ පශු සම්පත් සංවර්ධන අංශයේ පශු වෛද්‍ය නිලධාරිනියක ලෙස සේවය කරයි.

 


වෛද්‍ය එම්.එන්.එම්.ඩී.එස්. ධර්මවර්ධන මහත්මිය.
පශු වෛද්‍ය නිලධාරී

ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේව‍යේ පශු වෛද්‍ය නිලධාරිනියක වන නදීකා ධර්මවර්ධන මිය 2002 වර්ෂයේ දී පේරාදෙණිය විශ්වවිද්‍යා‍ලයෙන් පශුවෛද්‍යවේදී උපාධිය ද, ඉන්දියාවේ කුමරාජ් විශ්වවිද්‍යාලයෙන් රාජ්‍ය පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධියත්, විවෘත විශ්වවිද්‍යාලයෙන් කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාවත් ලබා ගෙන ඇත.

2006 වර්ෂයේ දි සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවයට ඇතුළත් වූ ධර්මවර්ධන මහත්මිය දැනට මෙම අමාත්‍යාංශයේ පශු සම්පත් සැලසුම් අංශයේ පශු වෛද්‍ය නිලධාරිනියක ලෙස සේවය කරයි.

 


වෛද්‍ය එම්.අයි.ජී.ජයතිලක මිය.
පශු වෛද්‍ය නිලධාරී  - ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය

ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවයේ පශු වෛද්‍ය නිලධාරිනියක වන එම්.අයි.ජී.ජයතිලක මිය 2001 වර්ෂයේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් පශුවෛද්‍යවේදී උපාධිය ද, කැළණිය විශ්වවිද්‍යාලයෙන් ආහාර හා පෝෂණය පිළිබඳ පශ්චාත් උපාධිය ද, ශ්‍රී ලංකා සංවර්ධන හා පරිපාලන ආයතනයෙන් රාජ්‍ය කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිය ද ලබා ගෙන ඇත.

2006 වර්ෂයේ දි සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවයට ඇතුළත් වූ  ජයතිලක මහත්මිය දැනට මෙම අමාත්‍යාංශයේ පශු සම්පත් සංවර්ධන අංශයේ පශු වෛද්‍ය නිලධාරිනියක ලෙස සේවය කරයි.

 


ඩී.එච්. වික්‍රමාරච්චි
නීති උපදේශක

දුල්කිත් වික්‍රමාරච්චි මහතා ශ්‍රී ලංකා නීති විද්‍යාලයෙන් නීතිඥ වෘත්තියට පිවිසි අතර දැනට බ්‍රිතාන්‍යයේ දකුණු වේල්ස් විශ්ව විද්‍යාලයෙන් අන්තර් ජාතික වෙළෙඳාම පිළිබඳ පශ්චාත් නීති උපාධිය හදාරමින් සිටී. වසර 25 කට වැඩි කාලයක් මෙම අමාත්‍යාංශයේ නීති උපදේශක ලෙස කටයුතු කරන මොහු, නීති අංශයේ ප්‍රධානියා ලෙස ද කටයුතු කරයි.

වික්‍රමාරච්චි මහතා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නීති දෙපාර්තමේන්තුවේ විධායක අධ්‍යක්ෂ ලෙසද, මිල්කෝ සමාගමේ සමාගම් ලේකම් ලෙසද කටයුතු කර ඇත.

 


පී.ඒ.කේ. ප්‍රියදර්ශනී මහත්මිය.
නීති නිලධාරී (පශු සම්පත් සංවර්ධන අංශය)

කාංචනා ප්‍රියදර්ශනි මහත්මිය නීති නිලධාරී තෙවන ශ්‍රේණියේ නිලධාරිනියකි.

2005 වර්ෂයේ දී ශ්‍රී ලංකා නීති විද්‍යාලයෙන් නීතීඥ (ගෞරව) උපාධියක් ලබා ඇත. පසුව International Personal Management (IPM) ආයතනයෙන් මානව සම්පත් කළමනාකරණය පිළිබඳව පාඨමාලාවක් ද, මොහාන් ලාල් ග්‍රේරු පදනමෙන් උපදේශනය පිළිබඳව පාඨමාලාවක් ද හදාරා ඇත.

2007 වර්ෂයේ සිට මානව හිමිකම් හා සංවර්ධනය පිළිබඳව නීතිවේදී සංවිධානයේ නීති නිලධාරී ලෙස සේවය කළ ප්‍රියදර්ශනී මහත්මිය 2010 වර්ෂයේ දී නීති සහකාර ලෙස ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයන් ශ්‍රී ලංකා නීති නිලධාරී සේවයට ඇතුළත් වූ අතර 2014 වර්ෂයේ දී පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශයේ නීති නිලධාරි ලෙස සේවය කළා ය. එමෙන්ම, ප්‍රසිද්ධ නොතාරිස්, සමාගම් ලේකම් හා දිවුරුම් කොමසාරිස් ලෙස ද කටයුතු කරන ඇය, දැනට මෙම අමාත්‍යාංශයේ පශු සම්පත් සංවර්ධන අංශයේ නීති නිලධාරී ලෙස ‍සේවය කරයි.

 

 


අවසන් යාවත්කාලීන කිරීම 2017 ඔක්තෝබර් 12 වෙනි බ්‍රහස්පතින්දා, 04:26  

නවතම පුවත්

නව ලොරි රථ දෙකක් නාරාහේන්පිට ජාතික කිරි මණ්ඩලය වෙත  ! නව ලොරි රථ දෙකක් නාරාහේන්පිට ජාතික කිරි මණ්ඩලය වෙත !
ජාතික කිරි මණ්ඩලයේ වියලි නිපැයුම් ද්‍රව්...
ග්‍රාමිය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය නව පරිශ්‍රයකට ...... ග්‍රාමිය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය නව පරිශ්‍රයකට ......
ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශයේ නව ...

කතුහිමිකම © 2017 ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය. සියළු හිමිකම් ඇවිරිනි.
නිර්මාණය හා සංවර්ධනය : Pooranee Inspirations (Pvt) Ltd.
Last Update 04-12-2017.