Tamil (Sri Lanka)English (United Kingdom)
ඔබ මෙතනයි:  මුල් පිටුව අප ගැන හැඳින්වීම

හැඳින්වීම

දැක්ම

තිරසාර ගැමි ආර්ථිකයක් තුළින් ඉසුරුමත් දැයක්

මෙහෙවර

ග්‍රාමීය ජනතාවගේ ආර්ථික මට්ටම ඉහළ නැංවීම උදෙසා ජීවනෝපාය සංවර්ධනය, දේශීය ඉල්ලුමට සරිලන පරිදි ඉහළ ගුණත්වයකින් යුත් පශූ සම්පත් නිෂ්පාදන වර්ධනය සහ දේශීය සහ අන්තර්ජාතික වෙළෙඳපොළ තුළ තරඟකාරීත්වයට සාර්ථකව මුහුණ දියහැකි අයුරින් සමෘද්ධිමත් දේශීය නිෂ්පාදකයින් බිහි කිරීම

අරමුණු

  • ග්‍රාමීය ජනතාව ආර්ථිකව නඟා සිටුවීම සඳහා ග්‍රාමීය ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූල්‍යාධාර සම්පාදනය සහ ග්‍රාමීය යටිතල පහසුකම් හා කුඩා ව්‍යවසාය සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම
  • පශු සම්පත් ක්ෂේත්‍රයේ  සංවර්ධනය උදෙසා  ඉහළ  නිෂ්පාදන ඵලදායීතාවයකින් සමන්විත  සත්ත්ව ගහනයක් ඇතිකරලීම සහ ආහාරයන්හි සෞඛ්‍යාරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික මඟපෙන්වීම හා සහය ලබා දීම
  • නිරෝගිමත් සත්ත්ව ගහනයක් ඇතිකරලීම සඳහා ගුණාත්මක සත්ව ආහාර ප්‍රචලිත කිරීම සහ  සත්ත්ව රෝග වලක්වාලන හා මර්දනය කරන කාර්යක්ෂම සත්ත්ව සෞඛ්‍ය සේවාවක් සහතික කිරීම
  • පශු සම්පත් මගින් ඉහළ නිෂ්පාදන ධාරිතාවයක් ලබා ගැනීම සඳහා ඉහළ ගුණත්වයකින් යුත් සත්ත්ව ජාන සම්පත් ප්‍රශස්ත මට්ටමින් ප්‍රයෝජනයට ගැනීම ප්‍රචලිත කිරීම සහ දේශීය සත්ත්ව ප්‍රභේදයන් වැඩිදියුණු කිරීම
  • පශු සම්පත් නිෂ්පාදන අලෙවිකරණය, සැකසීම සහ අගය එකතු කිරීම වැඩි දියුණු කිරීම සඳහා විධිමත් අලෙවි ජාලයන් ඇති කිරීම සඳහා අදාළ පාර්ශවයන් දිරි ගැන්වීම
  • දේශීය කිරි ගොවීන්  ශක්තිමත් කරමින් දියර කිරි නිෂ්පාදනයේ ඉලක්කගත වර්ධනය සාක්ෂාත් කර ගැනීමට දිරි දීම
  • පූර්ණ බලැති ජාතික කෘෂිකර්ම අලෙවිකරණ අධිකාරිය ස්ථාපිත කිරීම තුළින් ප්‍රාදේශීය හා ගම් මට්ටමින් කෘෂි නිෂ්පාදන මිලට ගැනීම හා ගබඩා කිරීම සහ කෘෂිකාර්මික නිෂ්පාදන අලෙවිකරණය සම්බන්ධීකරණය කිරීම
  • තොග වෙළෙඳුන් හා පාරිභෝගිකයින්, කෘෂි නිෂ්පාදකයින් සමඟ සම්බන්ධ කිරීම තුළින් දේශීය කෘෂි නිෂ්පාදන මිල තිරසාර මට්ටමක පවත්වා ගැනීමේ අරමුණින් විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන පිහිටුවීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් 2015 සැප්තැම්බර් 21 දිනැති අංක 1933/13 දරණ අති විශේෂ ගැසට් නිවේදනය මගින් ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශයට පවරා ඇති කාර්යයන් හා කර්තව්‍යයන් පහත පරිදි දක්වා ඇත.

  • ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ විෂයයට සහ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන දෙපාර්තමේන්තු හා ව්‍යවස්ථාපිත ආයතනයන්හි විෂයයන්ට අදාළ ප්‍රතිපත්ති, වැඩසටහන් සහ ව්‍යාපෘති සම්පාදනය කිරීම,පසු විපරම් කිරීම හා ඇගයීම
  • ග්‍රාමීය ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
  • ප්‍රාදේශීය සහ ග්‍රාමීය සංවර්ධන ප්‍රතිපත්ති සහ උපායමාර්ගික සංවර්ධනය
  • ග්‍රාමීය යටිතල පහසුකම් සහ කුඩා ව්‍යවසාය සංවර්ධන කටයුතු
  • ග්‍රාමීය ආර්ථික කටයුතු සඳහා මූල්‍යාධාර සම්පාදනය
  • පශු සම්පත් අංශයේ නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය වන පහසුකම් සැපයීම
  • සත්ත්ව සුබසාධනය හා ඒ සම්බන්ධ කටයුතු
  • පශු සම්පත් ආශ්‍රිත නිෂ්පාදන ප්‍රවර්ධනය, ප්‍රචාරණය හා සංවර්ධනය සඳහා අවශ්‍ය පියවර ගැනීම
  • නවීන තාක්ෂණය යොදා ගනිමින් පශු සම්පත් සම්බන්ධ පර්යේෂණ අංශය පුළුල් කිරිම හා එහි ප්‍රතිඵල මත නිපැයුම් ක්ෂේත්‍රය ගුණාත්මකව හා ප්‍රමාණාත්මකව වර්ධනය සඳහා අවශ්‍ය පියවර ගැනීම
  • පශු ක්ෂේත්‍රයේ සත්ත්ව ගහනය වැඩිදියුණු කිරීම සඳහා විද්‍යාත්මක බෝ කිරීමේ ක්‍රම ප්‍රචලිත කිරීම සහ එම සතුන් රෝගවලින් ආරක්ෂා කිරීම හා නිරෝධායන කටයුතු
  • අප අමාත්‍යාංශය වෙත පවරා ඇති මෙම කාර්යයන් ප්‍රධාන ක්ෂේත්‍ර 4 ක් යටතේ ක්‍රියාත්මක කෙරෙනු ඇත.
  • ග්‍රාමීය ජනතාව ආර්ථිකව නඟා සිටුවීම සඳහා ග්‍රාමීය ජීවනෝපාය සංවර්ධනය කිරීම
  • ඉහළ ගුණත්වයකින් යුත් පශූ සම්පත් නිෂ්පාදන වර්ධනය කිරීම තුළින් දේශීය ඉල්ලුම සපුරාලීම
  • පශු සම්පත් නිෂ්පාදන අලෙවිකරණය, සැකසීම සහ අගය එකතු කිරීම වැඩි දියුණු කිරීම සඳහා විධිමත් අලෙවි ජාලයන් ඇති කරලීම තුළින් වෙළෙඳපොළ විධිමත් කිරීම
  • කෘෂි නිෂ්පාදන මිලට ගැනීම, ගබඩා කිරීම සහ කෘෂිකාර්මික නිෂ්පාදන අලෙවිකරණය සම්බන්ධීකරණය කිරීම තුළින් දේශීය හා අන්තර්ජාතික වෙළෙඳපොළ තුළ තරඟකාරීත්වයට සාර්ථකව මුහුණ දියහැකි දේශීය නිෂ්පාදකයින් බිහි කිරීම

අමාත්‍යාංශය වෙත පවරා ඇති කාර්යයන් මැනවින් ඉටුකරලීමට අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතන ව්‍යුහයන් පහත පරිදිවේ.

  1. සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව
  2. ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය
  3. මිල්කෝ පුද්ගලික සමාගම
  4. සී/ස මහවැලි සත්ත්ව ව්‍යාපාරික සමාගම
  5. සී/ස ශ්‍රී ලංකා කුකුළු පාලන සංවර්ධන පුද්ගලික සමාගම
  6. වී අලෙවි මණ්ඩලය
  7. විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන
  8. ග්‍රාමීය පුණර්ජීවන අරමුදල
  9. ග්‍රාමීය ආර්ථික පුණර්ජීවන අරමුදල(මූල්‍ය)
  10. ජනදිරිය අරමුදල (ග්‍රාමෝදය මණ්ඩල අරමුදල)
අවසන් යාවත්කාලීන කිරීම 2016 නොවැම්බර් 03 වෙනි බ්‍රහස්පතින්දා, 05:42  

නවතම පුවත්

නව ලොරි රථ දෙකක් නාරාහේන්පිට ජාතික කිරි මණ්ඩලය වෙත  ! නව ලොරි රථ දෙකක් නාරාහේන්පිට ජාතික කිරි මණ්ඩලය වෙත !
ජාතික කිරි මණ්ඩලයේ වියලි නිපැයුම් ද්‍රව්...
ග්‍රාමිය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය නව පරිශ්‍රයකට ...... ග්‍රාමිය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය නව පරිශ්‍රයකට ......
ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශයේ නව ...
රුපියල් මිලියන 30 ක වියදමින් ලුණුගම්වෙහෙරට නව වී ගබඩාවක් ඉදිවේ රුපියල් මිලියන 30 ක වියදමින් ලුණුගම්වෙහෙරට නව වී ගබඩාවක් ඉදිවේ
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවිජනතාවගේ වී ...
නව වී ගබඩා ඉදි කිරීම සඳහා මුල්ගල් තැබීමේ උත්සවය නව වී ගබඩා ඉදි කිරීම සඳහා මුල්ගල් තැබීමේ උත්සවය
රුපියල් මිලියන 30ක වියදමින් නොච්චියාගම, ...

කතුහිමිකම © 2017 ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය. සියළු හිමිකම් ඇවිරිනි.
නිර්මාණය හා සංවර්ධනය : Pooranee Inspirations (Pvt) Ltd.
Last Update 12-10-2017.