Tamil (Sri Lanka)English (United Kingdom)
ඔබ මෙතනයි:  මුල් පිටුව News & Events අතිගරු ජනාධිපතිතුමන් කදුරුවෙල කෘෂි වෙළෙඳ ආර්ථික මධ්‍යස්ථානය සඳහා මුල්ගල තැබූ වගයි

අතිගරු ජනාධිපතිතුමන් කදුරුවෙල කෘෂි වෙළෙඳ ආර්ථික මධ්‍යස්ථානය සඳහා මුල්ගල තැබූ වගයි

“පිබිදෙමු පොළොන්නරුව” බහු ආංශික සංවර්ධන වැඩසටහනට අදාළව ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය මගින් චීන රජයේ අනුග්‍රාහක මූල්‍ය පහසුකම් යටතේ කෘෂි පාදක කර්මාන්ත හා කෘෂි නිෂ්පාදන අලෙවි යටිතල පහසුකම් ව්‍යාපෘතිය 2017–2020 කාල සීමාව තුළ ක්‍රියාත්මක කිරීමට යෝජිතය.

මෙම ව්‍යාපෘතිය යටතේ හඳුනාගෙන ඇති උප ව්‍යාපෘතීන් අතර, ප්‍රධානතම උප ව්‍යාපෘතිය වන කදුරුවෙල කෘෂි වෙළෙඳ ආර්ථික මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම 2017 සැප්තැම්බර් 7 දින අතිගරු ජනාධිපතිතුමන් සුරතින් සිදුවිය.

කදුරුවෙල කෘෂි වෙළෙඳ ආර්ථික මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 5,200ක මුදලක් ආයෝජනය කිරීමට බලාපොරොත්තුවේ. ප්‍රධාන වාණිජ සංකීර්ණය හා කෘෂි කර්මාන්ත පරිශ්‍රයකින් සමන්විත මෙම මධ්‍යස්ථානය තුළ ග්‍රාමීය ගොවි ජනතාවගේ කෘෂි නිෂ්පාදන මිලට ගැනීම සහ ඒවා අලෙවි කිරීමට ඉඩ සලසාදීම ප්‍රමුඛව විවිධ ක්ෂේත්‍ර ආවරණය වන පරිදි වෙළෙඳ පරිශ්‍ර 200 ක් ස්ථාපිත කිරීමට අපේක්ෂිතය.

ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ ගරු අමාත්‍ය පී.හැරිසන් මැතිතුමා, ගරු උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න බණ්ඩාර මැතිතුමා සහ ශ්‍රී ලංකාවේ චීන තානාපතිතුමන් ප්‍රමුඛ දෙස් විදෙස් සම්භාවනීය අමුත්තන් රැසක්ද මෙම අවස්ථාවට එක් විය.

අවසන් යාවත්කාලීන කිරීම 2017 සැප්තැම්බර් 20 වෙනි බදාදා, 10:28  
කතුහිමිකම © 2017 ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය. සියළු හිමිකම් ඇවිරිනි.
නිර්මාණය හා සංවර්ධනය : Pooranee Inspirations (Pvt) Ltd.
Last Update 12-10-2017.