Tamil (Sri Lanka)English (United Kingdom)
ඔබ මෙතනයි:  මුල් පිටුව News & Events දියර කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම උදෙසා නවසීලන්තයෙන් කිරි දෙනුන් 2,000 ක් ආනයනය කෙරේ

දියර කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම උදෙසා නවසීලන්තයෙන් කිරි දෙනුන් 2,000 ක් ආනයනය කෙරේ

වසර 2020 වන විට දේශීය දියර කිරි නිෂ්පාදනයෙන් රට ස්වයංපෝෂිත කිරීමේ ව්‍යාපෘතිය යටතේ දෙනුන් 20,000 ක් ආනයනය කිරීම සඳහා ග්‍රාමීය ආර්ථිකය පිලිබඳ අමත්‍යාංශය පියවර ගෙන ඇති අතර ඉන් දෙනුන් 2,000 ක් පසුගිය දින (2017/05/13) නවසීලන්තයෙන් මෙරටට ආනයනය කරන ලදී.

එම ආනයනික දෙනුන් මහනුවර, නුවරඑළිය, මාතලේ හා බදුල්ල දිස්ත්‍රික්ක තුළ වෙසෙන මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් වෙත ලබා දීම ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මැතිතුමා සහ නියෝජ්‍ය අමාත්‍ය අමීර් අලී මැතිතුමන්ලාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමල වරායේදී සිදු කරන ලදී.

 
කතුහිමිකම © 2017 ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය. සියළු හිමිකම් ඇවිරිනි.
නිර්මාණය හා සංවර්ධනය : Pooranee Inspirations (Pvt) Ltd.
Last Update 04-12-2017.