Sinhala (Sri Lanka)Tamil (Sri Lanka)
You are here:  Home Rural Economic Development

Rural Economic Development

ග්‍රාමීය ආර්ථික ප්‍රවර්ධන වැඩසටහන 2016 – 2020

ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය නගා සිටුවීම සඳහා ග්‍රාමීය ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, ග්‍රාමීය යටිතල පහසුකම් හා කුඩා ව්‍යවසාය සංවර්ධනය ආදී වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ග්‍රාමීය ආර්ථික ප්‍රවර්ධන වැඩසටහනේ ප්‍රධාන අරමුණ වේ.

මෙම  අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා 2016 සිට 2020 දක්වා කාලය තුළ දේශීය අරමුදල් යොදා ගෙන දිවයිනේ සියළුම දිස්ත්‍රික්ක වල ග්‍රාමීය ප්‍රදේශ ආවරණය වන පරිදි ග්‍රාමීය යටිතල පහසුකම් හා ජීවනෝපාය සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

මෙම වැඩසටහන නියමු ව්‍යාපෘතියක් ලෙස 2016 වර්ෂයේ අගෝස්තු මස සිට දෙසැම්බර් මස දක්වා කෙටි කාලයක් තුළ ක්‍රියාත්මක කිරිමට 2016.07.12 අමාත්‍ය මණ්ඩලය රු මිලියන 300ක් අනුරාධපුර, පොළොන්නරුව හා මඬකලපුව දිස්ත්‍රික්ක 03 සඳහා අනුමත කරනු ලැබීය. එම දිස්ත්‍රික්කයන්හි පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ප්‍රමාණය සැලකිල්ලට ගෙන අනුරාධපුරය,මඩකලපුව හා පොළොන්නරුව දිස්ත්‍රික්ක වලට පිලිවෙලින්  රු. මිලියන 170 ක්ද රු. මිලියන 100 ක් හා රු. මිලියන 30 ක් ද වන සේ එම ප්‍රතිපාදන ප්‍රමාණය වෙන් කරනු ලැබීය.

ඒ ඒ දිස්ත්‍රික්ක වල පවත්නා සම්පත් විෂමභාවය හා ග්‍රාමීය ප්‍රජාවගේ ඉල්ලීම පරිදි හඳුනාගත් ව්‍යාපෘති දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ අධීක්ෂණය හා මඟපෙන්වීම යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලබා දුනි.

ඒ අනුව එම දිස්ත්‍රික්ක වල ප්‍රජාවගේ ඉල්ලීම පරිදි යටිතල පහසුකම් හා ජීවනෝපාය සංවර්ධනය ව්‍යෘපෘති ක්‍රියාත්මක කිරීමට ප්‍රතිපාදන පහත සඳහන් පරිදි අනුමත කරන ලදී.

01.යටිතල පහසුකම් සංවර්ධනය

  • අනුරාධපුර දිස්ත්‍රික්කයේ නොච්චියාගම, මනුප, මහාවිලච්චිය හා රඹෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීමට රු.මිලියන 35 ක් අනුමත කරනු ලැබූ අතර එය  මාර්ග සතියට සමගාමීම මෙම ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීම ආරම්භ කර ඇත.
  • ඉහත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ හැර අනෙකුත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහා යටිතල පහසුකම් හා  පොදු පහසුකම් සංවර්ධනය සඳහා රු.මිලියන 30 ක් අනුමත කර ඇත.මේ යටතේ පානීය ජල ව්‍යාපෘති, බෝක්කු හා කුඩා පාලම් ඇතුළු කෘෂි මාර්ග බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම ඇතුළු පොදු පහසුකම් ව්‍යාපෘති කිරිමට නියමිතව ඇත.
  • මඩකලපුව දිස්ත්‍රික්කයට පානීය ජල පහසුකම් ව්‍යාපෘති, මාර්ග සංවර්ධනය , කානු පද්ධති සකස් කිරීම ඇතුළු පොදු පහසුකම් ව්‍යාපෘති 37 ක් සඳහා රු. මිලියන 56.04 ක් අනුමත කරනු ලැබීය.
  • ොළොන්නරුව දිස්ත්‍රික්කයට කුඩා බෝක්කු, ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීම, කාණු පද්ධති සකස් කිරීම ඇතුළු වයාපෘති 40 කට රු මිලියන 12.34 ක ප්‍රතිපාදන අනුමත කරනු ලැබීය.

 

02 . ජීවනෝපාය සංවර්ධනය

  • අනුරාධපුර දිස්ත්‍රික්කයේ කිරිගව පාලනය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා  කිරි එකතු කිරීමේ මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට හා කිරිගවයින් 250 ක් ගොවීන්ට බෙදා දීමට රු.මිලියන 30 ක් අනුමත කරනු ලැබීය.
  • බඩ ඉරිඟු අක්කර 5000 ක් වගා කිරීමට ගොවීන් 5000 කට බඩ ඉරිඟු බීජ ලබා දීමට රු.මිලියන 25 ක් අනුමත කල අතර මේ සඳහා අවශය බඩ ඉරිඟු බීජ මිලදී ගෙන මහ කන්නයේ වර්ෂාව ආර්ම්භ වීමට පෙර මහාවිලච්චිය, රඹෑව, නොච්චියාගම, මනුප, නාච්චිදූව, ගලෙන්බිඳුන්වැව, හොරොව්පතාන, කහටගස්දිගිලිය, තිරප්පනේ හා පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල බඩ ඉරිඟු වගා කරන  ගොවීන් අතට පත් කර ඇත.
  • ප්‍රධාන වැව් ආශ්‍රිතව ධීවර කර්මාන්තයේ යෙදෙන ධිවර කාර්මිකයින් සඳහා දැල් ඇතුළු සුළු පන්න ධීවර ආම්පන්න ලබා දීමට රු.මිලියන 10 ක් අනුමත කර ඇති අතර අවහ්‍ය උපාංග මිලදී ගැනීමට කටයුතු කර ඇත.
  • ප්‍රධාන මාර්ග ආශ්‍රිතව අවිධිමත් වෙළඳාම් කරන වෙළඳුන් සඳහා ජංගම අලෙවිසැල් ලබා දීමට රු.මිලියන 15 ක් අනුමත කර ඇති අතර. මෙම වෙළඳසැල් ඉදි කිරීම සඳහා මිල ගණන් කැඳවා ඇත.
  • විශේෂ ව්‍යාපෘති යටතේ කෘෂි බෝග වගා කරන කාර්යක්ෂම ගොවීන් 500 දෙනෙකුට භූම්තෙල් වතුර පොම්ප 500 ක් ලබා දීමට රු. මිලියන 25 ක් වෙන් කර ඇත. ඒවා මිලදී ගැනීමට ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීම් මඟින් මිල ගණන් කැඳවා ඇත.
  • මඩකලපුව දිස්ත්‍රික්කයට සුළු පන්න ධීවර ආම්පන්න ලබා දීම.මහන මැෂින් හා ස්වයං රැකියා සඳහා උපකරණ ලබා දීම ඇතුළු ව්‍යාපෘති  64 කට රු. මිලියන 43.96 ක ප්‍රතිපාදන අනුමත කර  දිස්ත්‍රික් ලේකම් වෙත යවා ඇත.
  • ොළොන්නරුව දිස්ත්‍රික්කයට කුකුළු පාලන ව්‍යාපෘති හා කෘෂි ආම්පන්න ලබා දීමේ ව්‍යාපෘති 131 ක් සඳහා රු. මිලියන 15.9 ක ප්‍රතිපාදන අනුමත කර දිස්ත්‍රික් ලේකම් වෙත ප්‍රතිපාදන නිදහස් කර ඇත.

ග්‍රාමීය ආර්ථික ප්‍රවර්ධන වැඩසටහන 2017

මෙම වැඩසටහන නගර සභා හා මහා නගර සභා බල ප්‍රදේශ සහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ නාගරික සීමාවන් හැර ග්‍රාමීය ප්‍රදේශවල ග්‍රාමීය ප්‍රජාවගේ ජීවනෝපාය  සංවර්ධනයට අවශ්‍ය ව්‍යෘපෘති ක්‍රියාත්මක කිරීමට හා එම ප්‍රදේශවල හඳුනාගත් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇත.

ඒ අනුව අනුරාධපුර, මඩකලපුව, පොළොන්නරුව,මොනරාගල හා ගාල්ල යන දිස්ත්‍රික්ක 05 හි මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය. ඒ ඒ දිස්ත්‍රික්ක වල ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සංඛ්‍යාව සැලකිල්ලට ගෙන එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකට රු. මිලියන 15 බැගින් වෙන්කර 2017 වර්ෂයේ අයවැය ලේඛනයෙන් රු.මිලියන 1100ක් ලබා ගැනීමට අපේක්ෂිතය.

මෙම වැඩසටහන පිළිබඳව දිස්ත්‍රික් ලේකම්වරු, අධ්‍යක්ෂ සැලසුම් හා ප්‍රාදේශීය ලේකම්වරු වර්ෂය ආරම්භයේම දැනුවත් කර වඩාත් කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමට යෝජිතය.

Last Updated on Wednesday, 08 March 2017 09:53  
Copyright © 2017 Ministry of Rural Economic. All Rights Reserved.
Last Update 04-12-2017.