Tamil (Sri Lanka)English (United Kingdom)
ඔබ මෙතනයි:  මුල් පිටුව News & Events රුපියල් මිලියන 30 ක වියදමින් ලුණුගම්වෙහෙරට නව වී ගබඩාවක් ඉදිවේ

රුපියල් මිලියන 30 ක වියදමින් ලුණුගම්වෙහෙරට නව වී ගබඩාවක් ඉදිවේ

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවිජනතාවගේ වී මිලදී ගැනීමේදී සිදුවන අපහසුතා මගහරවා ගැනීම සඳහා රුපියල් මිලියන 30 වියදමින් ලුණුගම්වෙහෙර ප්‍රදේශයට නව වී ගබඩාවක් ඉදිකිරීම සඳහා මුල් ගල තැබීම ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය  ගරු. පී. හැරිසන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුවිය.

මෙම අවස්ථාව සඳහා නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා, ධීවර හා ජලජ සම්පත් රාජ්‍ය අමාත්‍ය ගරු. දිලීප් වෙදආරච්චි මැතිතුමා, වී අලෙවි මණ්ඩලයේ සභාපති එම්.බී. දිසානායක මහතා ඇතුළු නිලධාරීන් සහභාගී විය.

 
කතුහිමිකම © 2017 ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය. සියළු හිමිකම් ඇවිරිනි.
නිර්මාණය හා සංවර්ධනය : Pooranee Inspirations (Pvt) Ltd.
Last Update 04-12-2017.