Tamil (Sri Lanka)English (United Kingdom)
ඔබ මෙතනයි:  මුල් පිටුව News & Events නව වී ගබඩා ඉදි කිරීම සඳහා මුල්ගල් තැබීමේ උත්සවය

නව වී ගබඩා ඉදි කිරීම සඳහා මුල්ගල් තැබීමේ උත්සවය

රුපියල් මිලියන 30ක වියදමින් නොච්චියාගම, හැලගමුව ග්‍රාමයේ ඉදිකිරීමට නියමිත වී ගබඩා සංකීර්ණය සඳහා මුල්ගල් තැබීමේ උත්සවය ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය ගරු පී. හැරිසන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්වින.

වී අලෙවි මණ්ඩලය මඟින් ඉදිකරනු ලබන මෙම ගබඩාව තුළ වී මෙ.ටො. 1,500ක් ගබඩා කළ හැක. මෙම අවස්ථාව සඳහා වී අලෙවි මණ්ඩලයේ සභාපති එම්.බී. දිසානායක  මහතා, අනුරාධපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් සමන් බන්දුලසේන මහතා ඇතුළු නිලධාරීන් මෙන්ම ගොවි නියෝජිතයන් ද එක්ව සිටියහ.

අවසන් යාවත්කාලීන කිරීම 2016 සැප්තැම්බර් 26 වෙනි සදුදා, 04:57  
කතුහිමිකම © 2017 ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය. සියළු හිමිකම් ඇවිරිනි.
නිර්මාණය හා සංවර්ධනය : Pooranee Inspirations (Pvt) Ltd.
Last Update 04-12-2017.