Tamil (Sri Lanka)English (United Kingdom)
ඔබ මෙතනයි:  මුල් පිටුව News & Events 2016 යල කන්නයේ වී මිලදී ගැනීමේ සමාරම්භක උළෙල

2016 යල කන්නයේ වී මිලදී ගැනීමේ සමාරම්භක උළෙල

2016 මෙවර යල කන්නයේ වී මිලදී ගැනීමේ සමාරම්භක උත්සවය රාජාංගනය ගොවි ජනපදයේ වරාවැව වී ගබඩාවේදී ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය ගරු. පී. හැරිසන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  2016 අගෝස්තු මස 22 දින සිදුවිය.

මේ අවස්ථාව සඳහා වී අලෙවි මණ්ඩලයේ සභාපති එම්.බී. දිසානායක මහතා, ගල්ගමුව ආසන සංවිධායක පළාත් සභා මන්ත්‍රී මොහාන් පෙරේරා මහතා, ගිරිබාව ප්‍රාදේශීය ලේකම් ඇතුළු මැති ඇමතිවරු කිහිපදෙනෙක් සහභාගී වූහ.

2016 යල කන්නය සඳහා නාඩු රු. 38.00, සම්බා රු. 41.00 හා කිරී සම්බා රු. 50.00  බැගින් වී මෙට්‍රික් ටොන් 120,000 මිලදී ගැනීමට නියමිතය.

මේ සඳහා රජය විසින් රුපියල් මිලියන 4600 ක් වැය කරන බව අමාත්‍යවරයා එහිදී පැවසීය. වී මිලදී ගැනීමේ මධ්‍යස්ථාන 50 ක් ආරම්භ කර ඇති අතර අම්පාර, අනුරාධපුර, කුරුණෑගල, හම්බන්තොට, දිස්ත්‍රික්කයන්හි අද දින ගබඩා 50 ක් විවෘතව ඇති බවත් මේ සතිය තුළ තවත් ගබඩා 240 ක් තුලදී වී මිලදී ගැනීමට නියමිත බව මෙම අවස්ථාවේදී අමාත්‍යවරයා විසින් වැඩිදුරටත් සඳහන් කළේය.

අවසන් යාවත්කාලීන කිරීම 2016 අගෝස්තු 26 වෙනි සිකුරාදා, 09:39  
කතුහිමිකම © 2017 ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය. සියළු හිමිකම් ඇවිරිනි.
නිර්මාණය හා සංවර්ධනය : Pooranee Inspirations (Pvt) Ltd.
Last Update 04-12-2017.