Tamil (Sri Lanka)English (United Kingdom)
Please Select One Economic Center for View Essentials Price Variation
ඔබ මෙතනයි:  මුල් පිටුව සේවාවන් පශු සම්පත්

පශුසම්පත්

 

අමාත්‍යාංශයේ පශු සම්පත් සංවර්ධන අංශය

හැඳින්වීම

කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ උප අංශයක් ලෙස ගැනෙන පශු සම්පත් ක්ෂේත්‍රය, ශ්‍රී ලාංකීය දළ ජාතික නිෂ්පාදිතය සඳහා වර්තමානයේදී සියයට එකක පමණ දායකත්වයක් දක්වයි. පශු සම්පත් ක්ෂේත්‍රයේ රැකියාවල නිරතවන සංඛ්‍යාව කෘෂි පවුල් මිලියනයක් පමණ වන අතර මින් බහුතරය ග්‍රාමීය පවුල්වේ. ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය නඟා සිටුවීම සඳහා සත්ත්ව පාලන ක්ෂේත්‍රයේ වර්ධනය සැලකිය යුතු දායකත්වයක් ලබාදේ. වඩාත් සෞඛ්‍යාරක්ෂිත සහ ගුණාත්මක ආකාරයෙන් සත්ත්ව නිෂ්පාදන වෙළෙඳපොළට ඉදිරිපත් කිරීම සඳහා දිරිගැන්වීම සහ එමගින් පශු නිෂ්පාදන ආනයනය සඳහා වාර්ෂිකව වැයවන විදේශ විනිමය සීමා කිරීම යන අරමුණු පෙරදැරිව පශු සම්පත් සංවර්ධන අංශය විසින් ව්‍යාපෘති සැලසුම් කර ක්‍රියාත්මක කරනු ලබයි. සමාලෝචිත වර්ෂය තුළදී ක්‍රියාත්මක කරන ලද පශු සම්පත් සංවර්ධන ව්‍යාපෘතීන් පහත පරිදි වේ.

 

 

මධ්‍යකාලීන පශු සම්පත් සංවර්ධන වැඩසටහන - උතුරු පළාත

පශු සම්පත් ක්ෂේත්‍රය දියුණු කිරීම සඳහා උතුරු පළාතෙහි පවතින විශාල විභවය තුළ පශු වෛද්‍ය කාර්යාල හා අනෙකුත් යටිතල පහසුකම් ස්ථාපනය කිරීම මගින් පශු සම්පත්  ක්ෂේත්‍රයේ සේවා සැපයුම වැඩි දියුණු කිරීම සඳහා කටයුතු කර ඇත. මෙම ව්‍යාපෘතිය මඟින් 2016 වසර  තුළ සිදු කරන ලද ක්‍රියාකාරම්  පහත දැක්වේ.

ක්‍රියාකාරකම

1

කිලිනොච්චි සත්ත්ව පාලන පුහුණු පාසලෙහි පිරිමි නේවාසිකාගාරය ඉදි කිරීම

2

පලෛ පශු වෛද්‍ය නිල නිවාස ඉදි කිරීම

3

මන්නාරම, මාන්තෙයි (බටහිර) පශු වෛද්‍ය නිල නිවාස ඉදි කිරී‍මේ

4

කිළිනොච්චි සත්ත්ව පාලන පුහුණු පාසලෙහි සම්පත් දායකයින් සඳහා නිල නිවාස දෙකක් ඉදි කිරී‍ම

5

මුලතිවු මාන්කුලම් පශු වෛද්‍ය නිල නිවාසය ඉදිකිරීම

6

ඩෙල්ෆ් පශු වෛද්‍ය කාර්යාලයේ වැට ඉදි කිරීම

7

මුලතිවු දිස්ත්‍රික්කයේ වැලි ඔය පශු වෛද්‍ය කාර්යාලයේ වැට ඉදි කිරීම

8

වවුනියාව ද්විත්ව නිලනිවාසයේ අළුත්වැඩියා කටයුතු

9

උතුරු පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙත කාර්යාලීය උපකරණ ලබා දීම.

 

 

කිළිනොච්චිසත්ත්ව පාලන පුහුණු පාසලෙහි පිරිමි ශිෂ්‍ය නේවාසිකාගාරය


පලෛහි පශු වෛද්‍ය නිල නිවාස

2017 -දිළිදුකමින් නිදහස් කිරීමේ වර්ෂය ලෙස ප්‍රකාශයට පත් කිරීම.

උක්ත වැඩසටහනේ ආරම්භක ක්‍රියාකාරකම ලෙසින් 2017 ජනවාරි 06 වන දින වයඹ පළාත තුල සුළු පරිමාණ කුකුළු ගොවිපල 100 ක් ස්ථාපිත කරන ලදී. මේ වෙනුවෙන් ප්‍රතිලාභීන් 100 දෙ‍නෙකු වෙත මසක් වයසැති ‍කිකිළි පැටවුන් 1000 ක් බෙදා දීම සිදු කෙරිණි.

 

අවසන් යාවත්කාලීන කිරීම 2017 මාර්තු 21 වෙනි අඟහරුවාදා, 06:47  
කතුහිමිකම © 2018 ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය. සියළු හිමිකම් ඇවිරිනි.
නිර්මාණය හා සංවර්ධනය : Pooranee Inspirations (Pvt) Ltd.
Last Update 08-02-2018.